Thursday, September 24, 2020

ආගන්තුකයාගේ මරණය

 



එයා හිටියා නිදාගෙන  බැල්කනියේ 
සමහර දාට නිදාගෙන වගේ හිටියට 
නිදි නෑ ඇත්තටම ,සුපුරුදු කම්මැලි කම 
ඒ ගොල්ලන්ගෙ  ජාතියටම  උරුම.
ආගන්තුකයෙක් වුණාට 
බයවෙලා දිව්වෙත් නෑ 
ලස්සන තැඹිලි පාට පුළුන් ගුලිය 
එයාට මං කතා කළහම 
තඩි බෝල ඇස් ඇරන් 
බලන් හිටියා මුණා දිහාවම 
කෝල බැළුම් හෙළමින්
කන්න නම් ඉල්ලුවේම නෑ 
වෙනදට ආව අය වගේ කවදාවත්ම 
එක එළිවෙන ජාමෙක 
පූස් පොරයක හඬින් හදිසියේ 
ඇහැරුණා මට "බළල්ලු 
පොරකනවනේ ඕක අලුත් දෙයක්ද?" 
වැස්ස වැස්ස අනෝරා වැස්ස 
ගියේ නැහැ උඩ බැල්කනියට  
මල් පැළ නාල තිබුණා වැහි වතුර 
අදයි ආයෙත් උඩට ගියේ  ඒපැත්තට
මල් වලට වතුර ඕනද බලන්න.
අනේ! එයා හිටියා නිහඬව නිසොල්මනේ, 
මැස්සො ගොඩකුත් වටකරගෙන
එදා එළිවෙන ජාමේ එයා තමයි 
අඬන්න ඇත්තෙ තනියම 
මෙලොව හැරපියා යන 
මරණයේ වේදනාවට
කවුද හිතුවේ මේ නැස්පැත්තිය
එයාගෙයි කියල කාත් කවුරුවත් නැතුව 
මිහිදන් වුණා ඒ පුළුන් ගුලිය 
අපේ ගෙයි පිටුපස පුංචි වලක් තුළ 
පින්තූරයක් වත් ගන්න බැරිවෙච්ච හැටි 
එයා හිනැහුණු ඒ දවස්වල. 
  

7 comments:

  1. Issara ape gedara hitiya puso 8k. Eyala rajawaru api wahallu wage hitiye. Nangi thama eyalawa balagaththe.

    -Mithila (wasithaya)

    ReplyDelete
    Replies
    1. හායි වාසිත ගොඩක් කලකින්. දැන් අපිට පුස්ල නෑ. අන්තිමට හිටි එක්කෙනා අපි දන්නෙත් නැතුව වෙන ගෙදරක මැරිලා එයාලා භූමිදාන කරලා තිබුණ. දැන් මීයෝ අපි වටකරගෙන. බව්වෝ පහක් හිටියා. තුනක් වයසට ගිහින් මැරුණා. දැන් දෙකක් ඉන්නවා. එයාලත් අපිත් වයසට යමින් සහයෝගයෙන් ඉන්නවා.

      Delete
  2. ගෙදරට ආගන්තුකයෙක් වුවත් ජීවිතයට අයිති ඉරණම පරිදි අවසන් ගමන යාමෙන් පසුව ඒ තිරිසන් සතා වෙනුවෙන් කාව්‍ය පද බැඳීමක් කිරීම හරි අගෙයි. සත්ව කරුණාව සහ මෛත්‍රී සිතිවිලි !

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තුතියි ගොඩක්ම කොමෙන්ටුවට. ජීවිතේ දිගටම සතුන් සමග ගත වුණා. ඒත් දැන් ගෙදර පුසෝ නැහැ. මේ වගේ ආගන්තුකයෙක් මිසක් .....

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete