ජෝර්ජියා ප්රාන්තය ගැන මං ඔබට තාම විස්තර කළේ නැහැ නේද? ඉන්න පුංචි වෙලාවක් අරන් මං ඒ ගැනත් කියන්නම්. මෙය එක්සත් ජනපදයේ ගිනිකොණ දෙස පිහිටි ප්‍රාන්තයක්. විශාලත්වයෙන් 24 වන ස්ථානය හිමිකරගන්නා මේ ප්රාන්තය ජනගහණය අතින් ඉන්නේ 8වැනි ස්ථානයේ. ජෝර්ජියාව උතුරෙන් ටෙන්නසි හා උතුරු කැරොලයිනාවටත් ඊසාන දිගින් දකුණු කැරොලයිනාවටත් ගිනිකොණින් අත්ලාන්තික් සාගරයටත් දකුණින් ෆ්ලොරිඩාවටත් බටහිරින් ඇලබාමා ප්රාන්තයටත් මායිම් වෙනවා. එහි අග නගරය ඇට්ලන්ටා නමින් හඳුන්වනවා. මේ ප්රාන්තවල තිබෙන්නේ අධික ආර්ද්‍ර උප නිවර්තන දේශගුණික තත්වයක්.
ඔක්තෝබර් 9දා අපි ජෝර්ජියා මින් මැදුරට ගියා. 2005 වසරේ නොවැම්බර් 23 දින ආරම්භ කරන ලද මේ
මින් මැදුර පිහිටලා තියෙන්නේ ඇට්ලන්ටා නගරයේයි. මෙහි ප්‍රධාන ගැලරි 7ක් තුළ දස දහස් ගණනින් සතුන් ප්‍රර්ශනයට තබා තිබෙනවා. වර්ෂ 2001දී බර්නාඩ් මාක්ස් නම්
තැනැත්තෙක් සිය බිරිඳ ද සමග රටවල් 13ක මින් මැදුරු56ක්
නිරීක්ෂණය කරලා, ඇට්ලන්ටා වලට
අධ්‍යාපනය හා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අදහස පෙරදැරි කරගෙන මේ මින් මැදුර
නිර්මාණය කරන්න ඩොලර් මිලියන 250ක් පරිත්‍යාග
කරලා තියෙනවා. ඉතිරි මුදල් ද විවිධ සහයෝගිතා වශයෙන් ලැබිලා මෙය නිර්මාණය කරලා
තියෙනවා. 2005දී විවෘත කරන
අවස්ථාවේ මෙය ලෝකයේ විශාලතම මින් මැදුර බවට පත්වී තිබෙන අතර එය වර්ග අඩි 550,000ක් පුරා පැතිරී,
ජීවීන්ට වාසය කිරීමට
මිරිදිය හා කරිදිය us ගැලුම්8000,000ක් දරා සිටිනවා. මේ වන විට එයට හිමිවන්නේ ලෝකයේ තෙවැනි ස්ථානය වුවත් ඇමරිකාවේ ප්රථම ස්ථානය. ලෝකයේ දැනට ඇති විශාලතම මින් මැදුර වන්නේ චීනයේ ඇති Chime-long Ocean Kingdom වන අතර දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ සිංගප්පුරුවේ ඇති Marine Life Park මින් මැදුරයි.
මේ මින් මැදුරේ නිල පැහැති ලෝහ හා වීදුරු බාහිර පෙනුම විශාල
නෞකාවක් රළ අතරින් ඉදිරියට එන ආකාරයක් පිළිබිඹු කරනවා. මෙහි ඇති සත්ව එකතුවේ වැදගත් සතුන් අතර තල්මස් මෝරා, බෙලුගා තල්මසා,කැලිෆෝනියා මුහුදු අශ්වයා, බෝතල්නාසය ඇති ඩොල්ෆින් හා මැන්ටා මඩුවා ද
වනවා. මෙහි ජෝර්ජියා
විශ්ව විද්‍යාල වලට සම්බන්ධව පර්යේෂණ කටයුතු ද දියත් වෙනවා. වඳවීමේ තර්ජනයට මුහුණ
පා ඇති සතුන් සංරක්ෂණයත් සිදුවෙනවා.
මින් මැදුරේ
සුන්දරත්වය විඳිමින් අපි සෑහෙන වෙලාවක් ගතකළා. සමහර තැන් වලදී අපිත් මසුන් ,තල්මසුන් සමග එකට ජීවත් වෙන ගතියක් දැනුණා.
ජලය පිරුණු විශාල වීදුරු තටාක අපේ හිසට ඉහලින් තිබුණා. ඒවායේ අති විශාල මත්ස්යයින් ඇතුළු ජලජ ජීවීන් පිහිණුවේ අපි අමුතුම ලොවකට පිවිසුණු බවක් සිත් තුල ජනිත කරමින්.
No comments:
Post a Comment