Friday, October 2, 2020

මහන්සිද මේ ජීවිත ගමන ?















 ඔයා හොඳටම නිදි,

දයන්නක් වගේ වකුටුව;

දයන්න ගහල නිදා ගන්න 

ආසයි ඔයා ඉස්සර ඉඳන්ම.


ජීවිතේ හතරෙන් තුනක්ම', 

ඉවර වුණා දුකක් නැහැ ඒ ගැන; 

ඔයාගේ නර කෙසුත් පෑදිලා, 

මහන්සිද මේ ජීවිත ගමන ?


තව ටිකක් දුර යන්න තියෙනවා, 

කියල මෙවෙලේ හිතෙනවා මට; 

කවුරු හරි  මුලින් තියන්නත් 

ඕනනේ මේ ගමනේ නැවතුම් තිත ?


ඉතින්  මං එබිලා ළංවෙලා තවත්, 

පපුවට, බලනවා ඔයාගේ හුස්ම 

වැටෙනවද කියල; දන්නෙ නෑ 

මොකක්දැයි ඒ හැඟීම ?


ජීවිතය තණ අග පිණි බිඳක්, 

ඒ ගැන නැති මුත්  සැකක්; 

අනියත බව මෙදියත සැම දෙයක් ;

හොඳින් වටහා ගෙන ඇතත්.


© 2020 MalinieGanewatta

Thanks to Zohre Nemati for sharing this photo on Unsplash.


3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කිසිවක් නැතිව පැමිණ
    ආපසු යාම තනිවම
    දරුමල්ලන්ද දේපළ
    කිසි දෙයක් ඇවැසි නැත

    අනිති බව සැම දෙයම
    හොඳින් අත් වින්දෙමි.
    සසර බැමි නතර වනතුරු
    ඔය ලෙසට සැරි සරමු !

    ReplyDelete
  3. ස්තුතියි සර් කොමෙන්ටුවට. ඔබේ හැඟීම් මට දැනේ. ජීවිතය එක තැන නොරැඳේ .

    ReplyDelete