දවස ගෙවුණත් නොදැනීම අසුරු සැණෙකින්
මේ එළඹි සැඳෑ යාමය සෙමෙනුයි ගෙවෙන්නේ
හිතේ සාංකාවටද මට එහෙම දැනෙන්නේ
ලෝකයේ බමණය කොහොමද වෙනස් වෙන්නේ
බටහිර අහස් කුස වේදිකාවකි විසල්
එහි ආලෝකකරණය හිරුයි බාර ගන්නේ
වලාකුළු නළු පෙළ නෙක වර්ණ සළු
මාරු කරමින් තම රැඟුම් රඟන්නේ
අවසන් දසුන මේ රැඟුම් වාරයේ
ඉවර වෙන්නයි හදන්නේ
තව මොහොතකින් රඟ හළ
අඳුරු තිරයෙන් වැසෙන්නේ
තවත් මෙහි කුමටද රැඳෙන්නේ
දැන් සෙමෙන් මින් නික්ම යන්නේ
සොඳුරු නින්දක සුව ලබන්නේ
ලොව එකම විදියටයි බමන්නේ
ජීවන ගමනේ පරිණත අවදියේ සොඳුරු කල්පනා.
ReplyDeleteThank you for the comment
Delete