යම් පුද්ගලයකු, සත්වයෙකු හෝ පැළෑටි රටකින් රටකට ගෙන යනවා නම් ඒ ග්‍රාහක රට නීති සම්පාදනය කරලා තියෙනවා ඒ අලුතින් ඇතුල්වෙන පුද්ගලයින් ,සත්තු හෝ පැළෑටි යම් කාලසීමාවක් රඳවා ගෙන යම් රෝගකරකයක්, පලිබෝධයක් නැද්ද යන්න තහවුරු කරලා ඊට පස්සේ නිදහස් කරන්න. ඒ සඳහා ස්ථාන සකස් කරලා තියෙනවා. මේ ක්‍රියාවලිය තමයි නිරෝධායනය කියන්නේ.
මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Quarantine කියලා. එහි තේරුම 'forty days’( quaranta giorni‘ කියන ඉතාලි වදනෙන් බිඳී ආවක් ).ලෝකයේ මෙවැන්නක මුලාරම්භය 14 වන ශත වර්ෂයේ සිදුවී ඇත්තේ මහාමාරිය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන්. රෝගය තිබු වරාය වලින් වෙනිසියට ලඟා වන නැව් වලින් ගොඩ බැසීමට පෙර දින හතළිහක් නැංගුරම් ලා තබා තිබෙනවා.
මේ සඳහා ලංකාවේ නීතිමය ප්‍රතිපාදන සකස් වී තිබෙන්නේ 1897 (වරින් වර සංශෝධන ඇත ) ජාතික නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත ඇතුළු පනත් කීපයකින්. නීරෝධායනයට විරුද්ධ වෙන අයට පැනවිය යුතු දඬුවම් ද එහි දක්වා තියෙනවා. ශ්‍රී ලංකාවේ දිගටම පැළෑටි සහ සත්ව නිරෝධායනය කරගෙන ආවා. ඒ සඳහා ආයතන තිබෙනවා. කටුනායක ඇති පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය එවැන්නක්.
මෙය මිනිසුන්ට අදාළ වන මෑත ඉතිහාසයේ නිදසුන් ලංකාවෙන් නැහැ. තරමක් ඈත අතීතය මෙහෙම දක්වන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ දියතලාව කඳවුරක ජර්මන් සිරකරුවො 150ක් රඳවලා ඉඳලා ඔවුන්ට වසුරිය හැදිලා වැඩි දෙනෙක් මැරිලා තියෙනවා. ඉන් පස්සේ 1863දී වසුරිය සඳහා එන්නත් කිරීම අනිවාර්ය කරලා තියෙනවා. 1897 තමයි නිරෝධායන පනත බලාත්මක කරලා තියෙන්නේ. ඒ අවුරුද්දෙම රාගම ප්‍රථම නිරෝධායන කඳවුරක් පිහිටවල තියෙනවා. ඉන් පසු යාපනය හා දකුණු ඉන්දියාවේ මෙවැනි කඳවුරු පිහිටුවා තිබෙනවා.
දැන් COVID 19 නිසා නැවත ඉතිහාසය අලුත් වෙමින් ඉදිරියට එනවා.
මෙතෙක් රටක ඉඳලා බීජ, පළතුරු ආදිය නිදහසේ මෙරටට ගේන්න එපා කියන එක ඔබ තේරුම් නොගත්ත නම් ඒ දෙය තේරුම් ගන්නත් මේ හොඳම වෙලාව. අපි සැම මේ COVID 19 ව්‍යසනයෙන් රට බේරා ගැනීමට අපට හැකි පමණින් දායක වෙමු. ඒ සඳහා වගකිව යුතු අංශ අප වෙත ලබාදෙන උපදෙස් මත කටයුතු කරමු.
නිරෝධායනය පිළිබඳව ශ්‍රී ලංකාවට අදාළ වැදගත් ඓතිහාසික කරුණු කිහිපයක් දක්වා තිබීම මේ මොහොතේ කාටත් ප්‍රයෝජනවත්.
ReplyDeleteස්තුතියි ඔබට අදහස් දැක්වීම ගැන. මේ දිනවල ලියන්නේ කාලීන මාතෘකා ඉතාම සරලව. කෙටියෙන්....
Delete