-ටානියා අම්මා ආපසු ගෙතුළට ආවේ ඇවිදගෙන නොවේ. පෙට්ටියකිනි. ඈ සුරකුමරියක් මෙන් සැරසී පෙට්ටියේ නිදාගෙන සිටියාය. ඈ දැන් දැන් අවදිවී වෙනදාමෙන් සිනාසී මා සුරතල් කරනු ඇතැයි මම බලා සිටියේ ඒ පෙට්ටිය යට ඉඳගෙනය. වරින් වර අමුත්තෝ ගෙට ආහ. තාත්තා සෙමින් වැළපෙණු මට ඇසුණු වෙලාවල්වල මම ඔහු අසලට ගියෙමි. ඔහු මගේ හිස අතගෑවේය. මේ සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මට හුඟක් වෙහෙස වන්නට සිදුවිය. ඈ අප හැර දෙව්ලොව ගොස් ඇති බව මා දැනගත්තේ පසුවය. මම ඇගේ පෙට්ටිය අසලට ගොස් අඬා වැළපුනෙමි. එදා සවස් යාමයේ ටානියා අම්මා පල්ලිය වත්තේ සොහොන් භුමියේ අඩි හයක් යට සදාකාලික නින්දේ සැතපුණාය. තාත්තාත් මාත් එතැනටවී අඬ අඬා ටික වෙලාවක් සිට සැන්දෑ අඳුර සමග ජීවිතයේම අඳුර තුරුලු කරගෙන ගෙදරට ආවෙමු. -
මේ මගේ කෙටිකතා පොත. ගුණසේන ගුරුළුගෝමී e book එකක්
No comments:
Post a Comment