Tuesday, September 26, 2023

ගේ කුරුල්ලෝ

ගේ කුරුල්ලෝ









පරණ   තාලයේ මහ ගෙදර
ඉස්සරහ ලොකු බාල්කය
වී කරල් එල්ලා තිබුණ
ඊට පිටුපස බිත්තියේ
හුණු තිත් ඇඳපු මුට්ටියක
තිබුණා ගේ කුරුළු ගෙය
කිරිල්ලී මල සොවින්
කුරුල්ලා තට්ට තනියම
සෝ ගී ගයමින් හිටි බව
අම්මා කීව මතකය
තාම මතුවෙයි හිත තුළ
ගේ කුරුල්ලෙක් දකින හැම විට!
(Photo credit to Aniket Solanker on Unsplash)

No comments:

Post a Comment