Saturday, August 17, 2019

අපේ ඇඟේ ඇති අම්ල /Acids









අපේ ඇඟේ ඇති අම්ල /Acids

ඇසිඩ් කිව්වහම අපි හරියට බය වෙනවා නේද ? අපිට හිතෙන්නේ ඇඟේ ගෑවුනොත් පිච්චෙන දෙයක් කියල නේ ද ? ඒත් අපේ මේ ශරීරය ඇතුළේ කොච්චර ඇසිඩ් වර්ග තියෙනවා ද කියලා ඔබ හිතල තියෙනවද?ඒවා නැතුව අපිට පවතින්න බැරි බව දන්නවාද ?

ප්‍රධාන වශයෙන් මෙන්න මේ ඇසිඩ් වර්ග  නැතුවම බැහැ.

1. ඇමයිනෝ ඇසිඩ්
2.ඇස්කොබික් ඇසිඩ්
3. මේද අම්ල
4. හයිඩ්රෝක්ලොරික් ඇසිඩ්
5.ඩිඔක්සි රයිබෝ නියුක්ලික් ඇසිඩ්/DNA
6. රයිබෝ නියුක්ලික් ඇසිඩ් /RNA


ඇමයිනෝ අම්ල කියන්නේ ප්‍රෝටීන හැදිලා තියෙන තැනුම් ඒකක. අපි ප්‍රෝටීන ආහාරයට ගත්තාම ඒවා ජීර්ණය වෙලා ඇමයිනෝ අම්ල වෙනවා. ඒවා තමයි ඇඟට උරා ගන්නේ. අපේ ඇඟට ඇමයිනෝ අම්ල වර්ග 20ක් අවශ්‍යයි. එයින් 9ක් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ ඒවා අපි ආහාරයෙන්ම ලබා ගන්න ඕන.

මේද අම්ල මේද නිපදවන්න අවශ්‍යයි. මේද අපේ සෛලවල අත්‍යවශ්‍ය සංඝටකයක්.
මේද අපේ මොළය ඇතුළු අවයව වල ක්‍රියාකරිත්වයටත් පරිවෘත්තියටත් අවශ්‍ය වෙනවා.
ඇස්කොබික් අම්ලය කියන්නේ විටමින් C. එය ප්‍රති ඔක්සිකාරකයක් ලෙසත්, පටක වල යහ පැවැත්මටත්, ප්‍රතිශක්ති පද්ධතියටත් අත්‍යවශ්‍ය දෙයක්.
හයිඩ්‍රෝක්ලොරික් අම්ලය තියෙන්නේ අපේ අමාශයේ. එහි ආහාර ජීර්ණය සඳහා ක්‍රියා කරන එන්සයිම ක්‍රියාකාරිත්වයට අවශ්‍ය අම්ල මාධ්‍ය සපයන්නේ මේ අම්ලය.

DNA කියන්නේ අපේ සෛල වල තියෙන ප්‍රවේණි ද්‍රව්‍ය. අපේ ලක්ෂණ තීරණය කරන්නෙත්  පරම්පරාවෙන් පරම්පරාවට ඒවා ගෙනියන්නෙත්  DNA. RNA  කියන්නේ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන හදාගන්න අවශ්‍ය අම්ලයක්.

තව ෆෝලික් ඇසිඩ්, පයිරුවික් ඇසිඩ්,ලැක්ටික් ඇසිඩ්, සිට්‍රික් ඇසිඩ්, ඔක්සැලික් ඇසිඩ්, ඇල්ෆා කීටෝ ග්ලුටරික් ඇසිඩ්, මැලික් ඇසිඩ් ආදී ඇසිඩ් වර්ග විශාල සංඛ්‍යාවක් අපේ ඇඟේ තියෙනවා. ඉතින් ඇසිඩ් කිව්වහම බයවෙන්න එපා

Thanks to Brooke Lark for the image on Unsplash)

2 comments: