Thursday, February 8, 2024

සතුට

 සතුට



පි අතීතයේ සතුටින් හිටිය ද?
අපි දැන් සතුටින් නෙමේද ඉන්නේ?
අපි ඉදිරියේදී සතුටින් ඉඳීවි ද?
මං හුඟක් බලල තියෙනව කවියක් හරි කතාවක් හරි අතීතයේ අප විඳි දෙයක් මතක් වෙන්න ලියුවොත් ඒක හුඟක් ජනප්රිය වෙනවා. ඒක අතීතයේ අප විඳි සතුටු දෙයක්, මධ්යස්ථ දෙයක් හෝ දුක්බර දෙයක් වෙන්න පුළුවන්. අපි අතීතයට යන්න ආසයි. ඒ කියන්නේ අපි අතීතයේ හැම තිස්සෙම තෘප්තිමත්ව සතුටින් හිටියා කියන එකම නෙවේ.
විදුලි බලය නැතිව ලාම්පු පත්තු කරගෙන රාත්රී කාලය ගත කළේ. ගෑස් නැතුව දර ලිප් දල්වාගෙන දැළි වලං හෝදගෙන ඉවුම් පිහුම් කළේ. පයින් හරි බයිසිකලයකින් හරි බස්වල තද බද වෙලා ගමන් ගියේ. මෝටර් රථයක් තිබුණෙ එහෙමත් කෙනෙකුට විතරයි. හුඟක් ගෙවල් පොල් අතු සෙවිලි කරල තිබුණෙ. ඒ පොල් අතු මාස ගණනක් ඇතුළත දිරාපත් වෙනවා. ආයෙ අළුත් ඒවා සෙවිලි කරන්න ඕන. ඒත් ජීවිත ගෙවුණ. වෙන විකල්පයක් නෑ නෙ. ඔය වගෙ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.
ඒත් අපි ඒ අතීතය සුන්දර දෙයක් විදියට මතක් කරනවා. මේ හැඟීම් nostalgic feelings කියල ඉංග්රීසියෙන් හඳුන්වනවා. මේ වචනය මධුර ඩික්ෂනරියේ තිබුණෙ කාංසාව කියල. අපි අධ්යාපන මනෝ විද්යාවේ කාංසාව කිව්වේ Anxiety කියන තත්ත්වයට. අනිකුත් ඩික්ෂනරිවල nostalgic කියන එකට තනි වචනයක් දී නෑ. මේ nostalgic feelings වගේම ගෙදරින් බැහැරව ඉන්න කොට ඇතිවන homesickness තත්ත්වය අතීතයේ මානසික ආබාධ කියල හිතල තියෙන්නෙ. නමුත් එය එසේ නොවන බවයි අද පැහැදිලි කරන්නේ. ඒ විදියට බැලුවම අතීතය මතක් කරල අපි සතුටු වෙනවා.
මෙවැනි හැඟීම් ඇතිවෙන්නේ දැන් අපි ඉන්න තත්වයෙන් තෘප්තිමත් නොවන නිසා කියලා විස්තර වෙනවා. ඒ කියන්නේ මනුෂ්යයා හැම විටම ඉන්න තත්ත්වයට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඒක නරක දෙයක් නෙවෙයි. අළුත් නිර්මාණ හැම එකක්ම බිහිවෙන්නේ ඒ හැඟීම නිසා නෙ. නැත්නම් මේ තියෙන දේ ඇති කියලා නවතින්න තිබුණ නෙ. එහෙම බැලුවත් මේ වගෙ හැඟීම් ඇතිවීම හොඳයි.
මං වෙනත් වැඩක නොයෙදෙන වෙලාවට මගේ හිතට එන අතීත අත්දැකීම් ලියනවා. සමහර ලිවීම් FB එකේ දානවා. ඒක මගේ සතුට. මං ලියල තියෙන දේ කියවල කෙනෙක් ලයික් එකක් දානව. තව කෙනෙක් ඉමොජියක් දානව. තව කෙනෙක් වචනයෙන් ඒක ගැන කොමෙන්ටුවක් ලියනව. ඒවත් මං සතුටට පත් කරනවා. කවුරුවත් කියෙව්වෙ නැතත් මං ලියනවා. එහෙම මං විතරක් කියවපු මා විසින් අකුරු කළ හුඟක් ඒව තීයෙනවා. හමහර විට මා විසින්ම ඒවා විසි කරල දානවා.
කෙනෙකුට ලියන්න ඒ අත්දැකීම් ප්රාථමික ඒ කියන්නේ තමන්ම මුහුණ දුන් ඒවා වෙන්න ඕන නෑ. ඒත් කියවන අය හුඟක් වෙලාවට හිතනව ඒවා ලේඛකයගෙම අත්දැකීම් කියලා. කොහොම ලැබුණු අත්දැකීම් වුවත් ඒවා පොදු බවට පත්වූ තරමට හදවත් තූළට යනවා වැඩියි.
අපි අදත් හෙටත් සතුටින් ඉඳිමු නේද මිතුරනි!
ජීවිතය හුඟක් දිග නෑ වගේම ආයෙ ලැබෙන්නෙත් නැහැනෙ.

Thank you Szilvia Basso for the image on Unsplash

4 comments:

  1. අතීතයට ගමන් කළාම එකළ සතුටු නොවූ තැන්වල අද සතුටක් ලබන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. ඔව්, දුක්බරව ගෙවුණු අතීතය සිහි කිරීම වුණත් සතුටක්.

      Delete
  2. nostlagic කියන වචනෙට සමාන සිංහල තේරූම අතීතකාමය වගේ කියලා තමයි මට හිතුනේ...ඩික්ශනරි එකේ තියෙන්නෙ කාංසාව උනාට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. අතීතය සතුට දනවන දෙයක් ලෙස දැනීම තමයි nostalgic කියන්නේ. අතීත කාමය කියන්නේ අතීතයට ඇලීම වගේ නේද?කාංසාවට වඩා නම් ඒක ගැලපෙනවා .

      Delete