අද අපි ආහාරයට ගන්නා බෝග වර්ග ඈත අතීතයේත් මේ විදියටම තිබුණා කියලා ඔබ හිතනවද? ඒත් ඒවා එහෙම තිබුණේ නැහැ. වනමය වශයෙන් තිබුණු විවිධ ශාක ක්‍රමයෙන් මිනිසා විසින් ගෘහස්තකරණය කිරීමෙන් තමයි ඒවා ලැබුණේ. කෘෂිකර්මය වැඩි දියුණු වීමත් එක්ක මේවායේ ස්වභාවික බෝවීම පාලනය කරලා දෙමුහුම් ආදිය ඇති කර ගත්තා. ඒ විතරක් නෙවේ අද වෙනස් ජීවීන්ගේ ජාන ඇතුළු කරලා ශාක හා සත්ව ගෙනෝමය වෙනස් කරන තැනටත් ඇවිත් තියනවා. අද කතාව ඉරිඟු ගැන.
ඉරිඟු කියන්නේ
ලෝකේ වැඩියෙන්ම වවන බෝග වර්ග වලින් එකක්. අවුරුදු දහස් ගණනක් තිස්සෙම එය සත්ව
ආහාරයක් වගේම මිනිස් පරිභෝජනටත් යොදාගෙන තියෙනවා. විශේෂයෙන් ඇමරිකානු දේශීය ජනතාව
තමයි මෙය භාවිත කරලා තියෙන්නේ. දැනට ඉරිඟු අමෙරිකාවේ ප්‍රධාන ආහාර වලින් එකක්
විතරක් නෙවේ එතනෝල් ඉන්ධනය හදන්නත්, පැණිරස කාරක හා තවත් නොයකුත් නිෂ්පාදන හදන්නත් පාවිච්චි
කරනවා. ලෝකය පුරා වසරකට ඉරිඟු මෙට්‍රික් ටොන් බිලියන 1.2 ක අස්වැන්නක් නෙලා ගන්නවා.
ඉරිඟුවල
වැදගත්කම මෙන්ම එහි සම්භවය පිලිබඳ ශතකයකට වැඩි කාලයක් වාද විවාද ඇතිවී තිබුණා. ඉරිඟු ගෘහස්තකරණය වෙලා තියෙන්නේ
දැනට අවුරුදු 10,00කට ඉස්සර.
2023 දෙසැම්බර් 1
දා සයන්ස් සඟරාවේ පළවන
පර්යේෂණයක් මගින් පෙන්වා දෙනවා නූතන ඉරිඟු (Zea mays ) අවුරුදු 5000කට එපිට මෙක්සිකෝවේ නිර්මාණය වූ දෙමුහුමකින්
පැවත එන බව. ඒ ශාකය මුලින් ගෘහස්තකරණය කරලා අවුරුදු දහස් ගණනකටත් පස්සේ සිදුවූ
දෙයක්. පර්යේෂණ
කණ්ඩායම කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ පරිණාමය හා පරිසර විද්‍යාව දෙපාර්තමේන්තුවේ
මහාචාර්ය රොස් ඉබාරා (Ross-Ibaara) ප්‍රමුඛ පිරිස.
පසුගිය දශක
කීපය තුළ හිතුවේ Zea maize දැනට අවුරුදු 9000
- 10000කට පෙර දකුණු
මෙක්සිකෝවේ පහත්බිම් වල ඇති වනමය තෘණ වර්ගයක් වන තෙයෝසින්ටේ (Teosinte) වලින් ඇතිවුණා කියලයි.
මෑතදී අනාවරණය
වූ දෙයක් තමයි නූතන ඉරිඟුවල ගෙනෝමයේ මෙක්සිකෝවේ මධ්‍යම උස්බිම්වල ඇති තවත් Teosinte
තෘණ වර්ගයක DNA
ද තිබෙන බව.
රෝස් ඉබාරා
ඇතුළු පිරිසඇමරිකා එක්සත් ජනපදය,චීනය හා
මෙක්සිකෝවේ ඉරිඟු නියැදි දහසකට වඩා පර්යේෂණ යට ලක් කර නූතන ඉරිඟුවල ඇති DNA
වලින් 20% ක් අර උස්බිම්වල
හැදෙන Teosinte වලට අයත් ඒවා
බව තහවුරු කළා. ඒ අනුව කරන ලද නිගමය මෙහෙමයි.
ඉරිඟු අවුරුදු 10,000කට පෙර
ගෘහස්තකරණය වුණත් එය එකල එතරම් ලෝකය පුරා ව්‍යාප්තවී නැහැ. එය ප්‍රචලිත වෙන්න පටන්
ගත්තේ අවුරුදු 4000කට පෙර සිටයි.
ඒ මේ දෙමුහුම සිදුවූ පසු විය හැකියි. මුල් එකට වඩා මෙය ප්‍රචලිත වීම ගැන පර්යේෂණ
දියත් වෙමින් තියෙනවා.
දෙමුහුමක
දෙමුහුම් දිරිය (Hybrid vigor) කියා දෙයක් තියෙන බව ප්‍රවේණි විද්‍යාවේ
කියවෙනවා. නූතන ඉරිඟුවල මුල් එකට වඩා කරල්වල ප්‍රමාණය ලොකු වීම වෙන්න පුළුවන්.
අස්වැන්න වැඩි වීම වෙන්න පුළුවන්. මල් පිපෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. නිවර්ත
කලාපීය වැනි විවිධ දේශගුණික තත්ත්ව වලට
ඔරොත්තු දීම වෙන්න පුළුවන්. මේවා දෙමුහුම් දිරියේ ප්‍රතිඵල වෙන්න පුළුවන්. ඒ වගේම
මේ උස්බිම් Teosinte වලින් ලැබුණු
ගෙනෝම කොටසේ හානිකර විකෘති අඩුබව ද පෙනීගොස් තිබෙනවා.
ලිපියේ පිංතූරයක් දානවා වෙනුවට පෝස්ට් එක බ්ලොගයේ ලිව්වා නං පහසුවෙන් කියවන්න තිබුනා. ඒ මොනවා උනත් ලිවීම පිළිබඳව සaතුට!
ReplyDeleteස්තුතියි. ලිපිය දාන්නම්.
Delete+++++++++++
ReplyDelete👌👌
ReplyDelete