Friday, April 26, 2019
ජීවිතයත් ෆැන්ටසියකි
ජීවිතයත් ෆැන්ටසියකි
'හඳ හාමි හැංගි හැංගි එබිල බලනවා
රන්තැටියට කිරියි පැණියි අපට ගේනවා '
මේ ගීය කියපු නැති සිංහල දරුවෙක් නැතුව ඇති. මේක බොරු දෙයක් නේද කියල මෙහෙම සිංදුවකුත් කලෙක ගැයුණා. 'රන් තැටියට කිරි පැණි පුරවාලා හඳ හාමි දූ බලන්න එනවලු .....හඳ හාමි කෙලෙසද මෙහි එන්නේ ' කියලා. ඒත් අපි මුල් කවිය ගයන එක නැවැත්තුව ද ? නෑ ... අපි ෆැන්ටසි වලට කැමතියි,ආදරෙයි,
අපි පොඩි කාලේ රුපවාහිනී, පරිගණක වගේ ඒවා තිබුණෙ නැහැනේ. පසු කාලයේ ගෙදරට රේඩියෝ එකක් ගෙනාව මතකයි. අපේ අම්මල ආත්තම්මල අපිට කතන්දර කියල දුන්නා. ගම කතා,ජන කතා, ජාතක කතා,උපමා කතා....මෙකී නොකී කතා වර්ග ඒ අතරේ තිබුණා. මේ කතා වල සත්තු කතා කරනවා. ඉතින් මම අම්මගෙන් ඇහුව ඇයි දැන් සත්තු කතා කරන්නැත්තේ කියලා. අම්මා කිව්වා, වෙස්සන්තර රජ්ජුරුවෝ දරුවන් දන් දුන්න වෙලාවේ ඉඳල සත්තුන්ට කතා කරන්න බැරුව ගියා කියල. ඔන්න ඔහොමයි මම ෆැන්ටසිය ප්‍රශ්න කළේ හා ඒකට අම්මා ෆැන්ටසියකින් ම දුන්න උත්තරේ
ඒත් අද බලාගෙන යනකොට ඊටත් වඩා මුළු ලෝකෙම ෆැන්ටසියට කැමතියි නේ.
කාටුන් වල අමුතු හිතළු චරිත ...ඒවා කතා කරනවා. සත්තු පුදුම විදියට කතා කරනවා. දරුවෝ ඒවා බලනවා,සතුටු වෙනවා. ඒ කාලේ පොතකින් විතරනේ මේ වගේ දේවල් කියෙව්වේ. දැන් ඇස් පනා පිට මේ චරිත ජීවත් වෙනවා.එක්තරා කාලයක නව කතා, කෙටි කතා, කවි,චිත්‍රපටි,වේදිකා නාට්‍ය වගේ දේවල් යථාර්ථ ජීවිතය තමයි දැක්වුයේ. නමුත් අද වෙනකොට මේ හැම දෙයකමත් අන්තර්ගත වෙන්නේ විවිධ ෆැන්ටසි. තරුණ දරුවෝ මේ වගේ චිත්‍රපටි බලන්න හුගක් කැමතියි.
ඉතින් සමහරු 'මේවා බලල දරුවෝ නරක් වේවි, අමුතු ලෝක වලයි මේවා බලන දරුවෝ ජීවත් වෙන්නේ' වගේ පඬි තර්ක ගේනවා. ඒ වුනාට මේ වැඩිහිටියෝ දන්නේ නෑ ඒ ගොල්ලොත් මේ ෆැන්ටසි ඇත්ත කියල විශ්වාස කරමින්ය ජීවත් වෙන්නේ කියලා. දැන් බලන්න, දෙවියෝ ඉන්නවය කියල එක එක පුද පූජා කරනවා. පල්ලි කෝවිල් වල වැඳ වැටෙනවා. යාඥා කරනවා. කොහේ ද මේ දෙවියෝ ඉන්නේ මුළුමනින්ම හිතළු නේද ? ඒවා වටා මොනතරම් සංස්ථා ගොඩනැගිල තියෙනවා ද ? කී දෙනෙක් මේවා තම ජීවන මාර්ගය බවට පත් කරගෙන තියෙනවා ද ? මේවා ප්‍රශ්න කරොත් දෙන උත්තරේ තමයි අපිට නොදැනෙන, විද්‍යාවෙන් සොයාගත්තේ නැති දේවල් මේ ලෝකේ තියෙනවාය කියන එක.
මේ ලෝකයේ තිබෙනවය කියල ඇත්තටම දන්නා දේවල් ටික හා ඒ ගැන ඉදිරියටත් සොයා ගන්න දේවල් මත පමණක් ජීවත් වෙන්න මිනිස්සු කැමති නැහැ. ඒ නිසා ෆැන්ටසි මවනවා. ඒවායින් විනෝද ආශ්වාදය ලබනවා. ඒක වරදක් නෙවේ. නමුත් ෆැන්ටසිය ෆැන්ටසියක් ලෙස දකින්න බැරිව මිත්‍යාව පෝෂණය කරමින් එහි ගැලීම සමාව දෙන්න බැරි වරදක්.
බණ දේශනා වලදී කියන්නෙත් බොහෝ විට මේ වගේ ගොතපු කතා. ගැඹුරු ධර්ම කාරණාවක් ඇහෙන්නේ එහෙමත් කලාතුරකින්. සමහර ජාතකකතා වලත් සත්තු කතා කරනවා. හඳේ හාවා අඳින කතා, සතුන් නායකයා තෝරන කතා අපි පුංචි කාලේ අසාවෙන් අහපු, කියවපු කතා.
මෙහෙම බලන් ගියහම ජීවිතයම ෆැන්ටසියක් නෙමෙයි ද?
Saturday, April 13, 2019
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
දාහය ගත දවන ගිණි මැද
මදහස සැඟව ගිය මුහුණු මැද
එරබදු කෝ? කොහේ පිපුණිද
නෑ ...නැත අද කොවුල් ගී නද
තෙල් බිම් සොයා කැණ කැණ
ලෝකය සැප සොයා යන
නැවතුම කවදාක වේවිද කොතැන?
දුවයි ඒ ගැන කිසිත් නොම දැන
පොරොවත් වගක් නොබලම
හෙලමින් වනස්පති බිම
නිල්වන් සළුව නැතුවම
නිරුවත් කළා මව්බිම
වැහි බිඳු අහස් කුස හිඳ
ඔච්චම් කරන හැටි අද
වැසි දහක් බිම වැටුනද
සරතැස නිවීමක් වෙද
ගිනි කඳු දෙපා යට ඇත
පිපිරුම ලඟම ළඟ ඇත.
පුරුද්දට ඉතින් නැත තිත
මෙන්න සුබ අවුරුදු පැතුම් පත !!!
Tuesday, April 9, 2019
මානෙල් - Water Lily
මානෙල් - Water Lily
Giant Water Lily
මානෙල් පැළයේ මලක් එනකම් ආසාවෙන් බලා හිටියේ. කලින් පැලේ හොඳින් හැදිලා මල් එන්න ඔන්න මෙන්න තියෙද්දී අපේ Blacky කෙල්ල ඒකෙ ඔක්කොම කොළ කෑව. ඊට පස්සේ තිබ්බ තැන හෙවන නිසා පැලේ වැඩීම බාල වුණා. ඊට පස්සේ බඳුනත් මාරු කරලා බැල්කනියට අරන් ගියා. ඒත් කියන්න තරම් වෙනසක් වුනේ නැහැ. පස්සේ යෙහෙළියක් කිව්ව විදියට රසායනික පොහොර කැට යෙදුවා. මාළුන්ට හානි වෙයි කියලා පොහොර යොදන්න බයේ හිටියේ. දවස් කිහිපයයි ගියේ. ලොකු කොළ ඇවිත් පැළය සරුවට වැඩුනා. මල් මොට්ටුව ආවා. මල පිපෙන වෙලේ මං ගෙදර හිටියේ නැහැ. ඒ අරුමය දැකපු මිණිපිරියෝ දෙන්නා අමන්දානන්දයට පත් වෙලා තිබුණා. 'අම්මේ අද හරි ලස්සනට මල පිපිලා තිබුණා ' කියලා දැරියන්ගේ අම්මා මං රෑ ගෙදර ආවහම කිව්වා. මං බලන්න යනකොට මල හැකිළී තිබුණා. පසුදා නැවත පිපුණා. ඔහොම දවස් හතරක් විතර මල උදේට පිපුණා. හවසට ඇකිළුනා. දැන් නම් ඒක පරවෙලා.
මගේ පැළය
මානෙල්/ඕලු (Water Lily) Nymphaeaceae කියන කුලයට අයිති මල් පිපෙන ජලජ ශාක වර්ගයක්. මෙයට අයත් විශේෂ 58ක් පමණ ලෝකයේ නිවර්තන හා සෞම්‍ය කලාපයේ රටවල් වල දකින්න ලැබෙනවා. මේවා ගණ 6කට අයත් වෙනවා. මේ පැළෑටි වල කඳ තියෙන්නේ මඩේ ගිලිලා. සිහින් නම්‍ය ශීලී නටු වලින් කොළ වතුර මතුපිටට ගේනවා. වතුර මට්ටම අඩු වැඩි වෙන කොට නටු නැමෙමින් කොහොම හරි පත්‍ර වතුර මත තබා ගන්නවා. මේ පත්‍රවල මතුපිට දිලිසෙන සුළුයි. ඉටි තැන්පත් වෙලා තියෙනවා. වතුර පත්‍ර මත රැඳෙන්නේ නැහැ. මේ පත්‍රවල පුටිකා සිදුරු තියෙන්නේ උඩ පැත්තේ. වතුර රැඳෙන්නේ නැති නිසා පුටිකා සිදුරු අවහිර වීම වැළැක්වෙනවා. මේ සිදුරු වලින් ඇතුල්වෙන වාතය ගබඩා කර ගන්න පැළයේ කඳ, නටු,පත්‍ර වල ලොකු වා කුටීර තියෙනවා.
සැබවින්ම මානෙල් කියන ගණය වන්නේ Nymphaea කියන එක. මෙහි විශේෂ 46ක් පමණ තිබෙනවා. නිල්මානෙල් Nymphaea nauchali අපේ හා බංගලිදේශයේ ජාතික පුෂ්පය බව ඔබ දන්නවා ඇති. North American White Water Lilly - Nymphaea odorata , Europian White Water Lily- Nymphaea alba,
පදනම් ආයතනයේ වවා තිබු පැළයක්
Victoria කියන ගණයට අයත් විශේෂ දෙකක් අයත්වන නිවර්තන දකුණු ඇමෙරිකානු ශාක Giant Lily ලෙස සැලකෙනවා. Royal water lily- Victoria amazonica Santa Cruz Water Lilly- Victoria cruciana කියන මේ විශේෂ දෙකේ පත්‍ර හරි විශාලයි, 60-180 cm පමණ විශ්කම්භයක් තියෙනවා. ඉතා ඝන නාරටි හා උඩට හැරී නැමුණු පත්‍ර දාර දරනවා. පෙති 50ක් පමණ දරණ 18-46 අතර විශාලත්වයක් ඇති යෝධ, සුවදවත් මල් මේවායේ පිපෙනවා.
මේ කුලයේ ශාක දෙමුහුම් කිරීම මගින් විශාල විවිධත්වයක් ඇති කර තිබෙන අතර අලංකාර ශාක ලෙස බොහෝ ගෙවතු හා උද්‍යාන අලංකරණයට යොදා ගෙන තිබෙනවා. අපට දවසින් දවස අලුත් මානෙල් වර්ග දක්නට ලැබෙන්නේ මේ නිසයි. මේවායේ ගෙඩි/ඵල බදරියක් (Berry)ලෙසයි හැදෙන්නේ.
Berries
මේවායේ ළපටි පත්‍ර, මල් මොට්ටු, කඳ ආහාරයට ගන්නවා. ඇටත් පෝෂ්‍ය දායි ආහාරයක්. මේ ශාක ජලජ සත්වයින්ට ආහාර සපයන නමුත් අධිකව වැවීමෙන් ජල මාර්ග අවහිරවී ජලය බැස යාමට බාධා ඇති කරනවා. (Photos of Giant Water Lily and Fruits from Internet)

Wednesday, April 3, 2019
දඬුවම් ......
දඬුවම් ......
මේ දිනවල දණගැසීමේ දඬුවම ගැන කතා වෙන නිසා මේ අත්දැකීම් ලියන්න හිතුණා.
ඔව් මාත් දණගසා ගෙන
ඉඳල තියෙනවා. මාත් මගේ මිතුරියත් පන්තිය ඉස්සරහ හිටගෙන කතා කරමින් හිටිය කියලා
විදහල්පතිතුමිය අපිට දඬුවම් කළා . අපි දෙන්නා කාර්යාලය
ඉදිරිපිට පැය ගණනක් දණගහල හිටියා.
තව වතාවක් සිංහල විෂයට ඒ කාලඡේදයේ වැඩ ආවරණය කළ (Relief) ගුරු තුමිය, ගුරුතුමියක් විශ්‍රාම යන අවස්ථාවට සුදුසු සුබ පැතුම්
පතක් හදන්න කිව්වා. මම ඒ ගුරු තුමියගේම නම දාල නිර්මාණ ශීලී විදියට ඒක හැදුවා. ඒකට
ඇයට තරහ ගියා. 'මාව විශ්‍රාම
යවන්නද හදන්නේ ' කියා මා දණ
ගැස්සුවා පන්තිය ඉදිරිපිට.
මේ අවස්ථා දෙකේම ඒ වයසේ දී හුඟාක් ලැජ්ජාවට පත්වෙලා දුක් වුණා. ඒ නිසා මම මගේ ගුරු ජීවිතයේදී දරුවන් දන ගස්සවා නැහැ. හිටගෙන ටිකක් වෙලා ඉන්න කියන එක පමණයි කළේ.
මේ අවස්ථා දෙකේම ඒ වයසේ දී හුඟාක් ලැජ්ජාවට පත්වෙලා දුක් වුණා. ඒ නිසා මම මගේ ගුරු ජීවිතයේදී දරුවන් දන ගස්සවා නැහැ. හිටගෙන ටිකක් වෙලා ඉන්න කියන එක පමණයි කළේ.
තව අපේ
පාසලේදී පුටු උඩ නග්ගවා තැබීමේ දඬුවම බොහෝසේ ක්‍රියාත්මක වුණා. ඉස්සර පෙළ පොත් අපි මිලදී ගන්න ඕන. අද වගේ ඒවා නොමිලේ ලැබුණේ නැහැ. ආර්ථික ප්‍රශ්න
නිසා ඇතැම් අවස්ථා තිබුණා ඒවා ගන්න බැරිවෙන. ඒ ගැන විමසීමක් නොකර, පොත ගෙනාවේ නැතැයි කියා පුටු උඩ හිටගෙන
ඉන්න සැලැස්සු වාර බොහෝයි . ඒවා ඉතා අප්‍රසන්න අවස්ථා.
අනික පොත ගුරුතුමිය විසින්
පන්තියෙන් ඈතට විසි කිරීම. මගේ මැහුම් කොතෙක් හොඳට කළත් ඒ ගුරුතුමිය ඒවා ඇදල ලිහල
පන්තියෙන් එළියට විසිකරනවා. ඒ කාලයේ දඬුවම් ඔන්න ඔය විදියට තමයි ලැබුණේ. … පොඩි දරුවෙක් විදියට දුක හිතුණා ඒ
වෙලාවල්වල.
මගේ ගුරු
ජීවිතයේදී දරුවන්ට පාරක් නොගැහුවා කියල කියන්නේ නැහැ. නමුත් ඉතාමත් අඩුයි එවැනි
අවස්ථා. ඒත් උසස් පෙළ දඬු කොල්ලන්ට විතරයි. නමුත් ජීව විද්‍යා ගුරුවරියක් විදියටත් හා විද්‍යා අංශ ප්‍රධාන විදියටත් බොහෝ අවස්ථාවල ඔවුන් හික්මවීමට වෙනත්
උපක්‍රම යොදා ගත්තා.
Subscribe to:
Posts (Atom)