Saturday, April 13, 2019

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


දාහය ගත දවන ගිණි මැද
මදහස සැඟව ගිය මුහුණු මැද
එරබදු කෝ? කොහේ පිපුණිද
නෑ ...නැත අද කොවුල් ගී නද

තෙල් බිම් සොයා කැණ කැණ
ලෝකය සැප සොයා යන
නැවතුම කවදාක වේවිද කොතැන?
දුවයි ඒ ගැන කිසිත් නොම දැන

පොරොවත් වගක් නොබලම 
හෙලමින් වනස්පති බිම
නිල්වන් සළුව නැතුවම
නිරුවත් කළා  මව්බිම

වැහි බිඳු අහස් කුස හිඳ
ඔච්චම් කරන හැටි අද
වැසි දහක් බිම වැටුනද
සරතැස නිවීමක් වෙද

ගිනි කඳු දෙපා යට ඇත
පිපිරුම ලඟම ළඟ ඇත.
පුරුද්දට ඉතින් නැත තිත
මෙන්න සුබ අවුරුදු පැතුම් පත !!!

No comments:

Post a Comment