Monday, September 30, 2019

ළමා දින තිළිණය

ළමා දින තිළිණය 




ට්‍රොලියක් සෙමින්සෙමින් ඇදුනා ඉදිරියට
පුරවා තිබුණා ලස්සන සෙල්ලම් බඩු එතුළ
බෙදුවා ඔවුන් ආදරෙන් සෙල්ලම්බඩු සැමට
කිව්වා  ලෝක ළමා දිනයලු මේ දවස

එදයි දැන ගත්තේ ළමුන්ටත් දිනක් ඇතිබව
ඇන්දෙත් නෑ  ලස්සන ඇඳුම් ළමා දිනවල 
තිබුණා වුනත්  පහේ 'ලොකු' විභාගෙත්  එකලද
දැන් වගේ පාඩම් කළේ නෑ දින වකවානු ගැන

මේ ට්‍රොලිය ඇදුනේ රෝහල් වාට්ටුවක
ලෙඩ දරු පැටවුන්ය වූයේ  ඇඳන් මත
ලැබුණා එදා පුංචි බෝනික්කෙක් අතට
තවත් රස ටොපි ද  චොක්ලට් සමග

රෝස පාට ඒසොඳුරු  බෝනික්කා තාම
මතකයි හිටියා කාලයක් මා  එක්කම
ඒ ළමා දිනය හීනයකි අහසේ සිතුවම් වුණ
එය සිතට එබී කම් කරයි හැම ළමා දිනයකම.
© 2019 Malini Ganewatta All rights reserved. 

Sunday, September 22, 2019

The Sibling Bond


The Sibling Bond


Time is passing so quickly
We, the four siblings still meet;
Sometimes nightmares come and go
Burdening with pain in the heart.

The life we lived was with dark shadows,
Yet, so many sweet stories to say,
One little brother, three sisters around mother
While father's love sadly faded away...

Those valleys and mountains; if they can talk
Behind our old house would say,
How carefree life we were gifted with?
No classes no homework as of today!

Have you heard about 'doll families'?
We  played throughout our holidays,
The dolls are still living with us,
Singing songs on old sweet days.

Kinship; what a wonderful thing?
Is the greatest gift parents gave;
Nothing can replace this sibling bond
Which is a shining, sparkling ray......







Sunday, September 15, 2019

අලි පුංචා


අලි පුංචා 

වසර 2001 අවුරුද්දේ   පුවත් පතක එක්තරා දැන්වීමක් තිබුණා. ළමා පොත් ලිවීම ගැන ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන්නට කැමති අය යොමු වෙන්න කියලා. ඒක පළ කරලා තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවෙන්. මාත් මගේ මහත්මයත් දෙන්නම මේකට අයදුම් කළා. පළමු රැස්වීම තිබුණේ කොළඹ ඩී ලාසාල් විදුහලේ. මේකේ ඉතිරි වැඩ සඳහා නේවාසික වෙන්න සිදුවෙන නිසා අපි දෙන්නටම ඒකට සහභාගී වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.  මම විතරක් ඉදිරිපත් වුණා. මුල් දවසේ අපිට පොඩි ළමා කතාවක් සිංහල බසින් ඉදිරිපත් කරන්න කිව්වා.

මම මොකක් ලියනවා ද කියල හිතනකොට අපේ ගෙවල් අසල වත්තක ඇතිකරන ඇතා මතක් වෙලා පොඩි කතාවක් ගොතල ලිව්වා. මම වැඩ මුළුවට තේරුණා. ඒකෙ ඉතිරි කාර්යයන් සඳහා දින කිහිපයක නේවාසික පුහුණුවක් තිබුණා හබරණ විලේජ් හෝටලයේ. මට එදා හමු වුණු යාලුවෝ තාම මතකයි. හේමමාලිනි, ජයන්ති,ප්‍රේමරත්න මහත්මිය වගේ නම් මතකයි. ජාතික අධ්‍යාපන ආයතනයේ විජේරත්න මහත්මයා තමයි වැඩ මුළුවේ සම්බන්ධීකාරක වුනේ. මේ වැඩ සටහන British Council  එකත් සමග ජාතික අධ්‍යාපන ආයතනයේ  Primary English Language Project (PELP) කළ එකක්. ඒකෙන් බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවන් වැඩ සටහන මෙහෙයවන්න ආවා.

ළමා පොතක් ලිවිය යුත්තේ කෙසේද කියා කෙටි කාලීන පාඨ මාලාවක් කළා. මේ සඳහා අදහස් ලබා ගන්න අපි කණ්ඩායම් වශයෙන් සංචාර සඳහා යොමු කළා ,සීගිරිය, මින්නේරිය, රිටිගල   වගේ තැන්වලට. මට යන්න ලැබුණේ මින්නේරියට. හරිම සුන්දර සෆාරි චාරිකාවක්. මම වැඩිම සංඛ්‍යාවක් සහිත අලි රංචුවක් දැක්ක පළමු මෙන්ම අවසාන අවස්ථාවත් ඒක. හබරණ විලේජේහි ගත කළ ඒ දින කිහිපය හරිම සුන්දරයි.

අපි ළමා පොත් පිලිබඳ බොහෝ දේ ඉගෙන ගත්තා. ළමා කතන්දර කීපයක් ම ලිව්වා. පුහුණු වෙන්නයි ලිව්වේ. අපි කණ්ඩායම් වශයෙන් අදහස් හුවමාරු කර ගත්ත. දිනපතා ජර්නලයක් පවත්වා ගන්න හැටි, කතාවකට පසුබිම සකස් කර ගන්නා හැටි, ඒ ඒ ළමා වයස් කාණ්ඩ වලට සුදුසු අන්තර්ගතයන් හඳුනා ගන්නා හැටි, චිත්‍ර අඳින හැටි මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

අපේ දෙවන වැඩමුළුව තිබුණේ එවකට අමායා හෝටලය නමින් හැඳින්වුණු මහනුවර තිබුණු හෝටලයක. එහිදී අපි ළමා පොත් කිහිපයක අත්පිටපත් නිමා කළා මාත් පොත් දෙකක් නිමා කළා. ඉන්පස්සේ ඒවා බාර දුන්නා. එයින් එක පොතක් ප්‍රකාශ කිරීමට තෝරාගෙන අනික මට පසුව නැවත එව්වා. කණගාටුවට කාරණය නම් ව්‍යාපෘතිය අන්තිමේ දී නතර වීමයි. ඒ බව සඳහන් කළ ලිපියක්   එකෙන් මට එවා තිබුණා. අපේ පොත් පළ කළා ද නැද්ද කියා අපි දැනුවත් වුණේ නැහැ.

පස්සේ කාලෙකදී මගේ මිතුරියක් වන අනෝමා මානෙල් මට කිව්වා ඔයාගේ නමින් ළමා පොතක් පුස්තකාලේ තියෙනවා කියලා. මට පුදුම හිතුණා. කර්තෘ පොත ගැන දන්නේ නැතිවම පොතක් පළ වෙලා! ඒ මගේ 'අලි පුංචා' පොත. පස්සේ ඈ මට එහි පිටපතක් ලබා දුන්නා. මං ඒකෙන් ඡායා පිටපතක් ගත්ත. ඔන්න ඔහොමයි මගේ මුල්ම  පොත  පළ වුණේ. 

පොතේ දක්වා ඇති ආකාරයට මේ විදියට අපි අර ව්‍යාපෘතියේදී ලියපු අත් පිටපත් 50ක් පොත් වශයෙන්  British Council මගින් පළ කර නොමිලේ පුස්තකාල වලට බෙදා හැරලා තියෙනවා. කණගාටුව අපිට  ඒ ගැන නොදැන්වීම. ඒත් ඒ පොත මෙහෙම හරි  දැකලා ඇත්තෙන්ම මම හුගාක් සතුටු වුණා. කොහේ හෝ ප්‍රදේශයක දරුවෙක් මගේ පොත කියවන්න ඇති කියන සතුට මුදලට ගන්න පුළුවන් එකක් නෙමෙයි. 

හබරණ විලේජ් හි සුන්දර මතකයන් .....






Monday, September 2, 2019

මහැදුරු තුමනි ! කාලෝ


















අඳුරෙන් අඳුරු ගුහාවටම ඇදෙන
ඇදී එහි නිමග්නව දුක් විඳින
මෝහයෙන් පිරි මිනිස් කැළ වෙත
ආලෝක පුංජයක් හෙලන්නට
හෙළා අඳුරෙන් එළියට ගන්නට
පෑයූ  ඒ රන්තරුව
බැස ගියා අවරගිර අහසෙන්

මිත්‍යාවේ මහා ගඟ දිය රැළි මතින්
උඩුගං බලා පිහිනු
ඒ මහා පෞරුෂය
නිහඬය ...නිසලය අද
ඒත් නැංවූ ඒ කෙහෙළි නද
නින්නාද වෙමින්
රැඳෙනු ඇත මේ වා ගැබ තුළ
පවතින තුරා මේ විශ්වය