අඳුරෙන් අඳුරු ගුහාවටම ඇදෙන
ඇදී එහි නිමග්නව දුක් විඳින
මෝහයෙන් පිරි මිනිස් කැළ වෙත
ආලෝක පුංජයක් හෙලන්නට
හෙළා අඳුරෙන් එළියට ගන්නට
පෑයූ ඒ රන්තරුව
බැස ගියා අවරගිර අහසෙන්
මිත්‍යාවේ මහා ගඟ දිය රැළි මතින්
උඩුගං බලා පිහිනු
ඒ මහා පෞරුෂය
නිහඬය ...නිසලය අද
ඒත් නැංවූ ඒ කෙහෙළි නද
නින්නාද වෙමින්
රැඳෙනු ඇත මේ වා ගැබ තුළ
පවතින තුරා මේ විශ්වය
වැදගත් නිහඬ මහා අදුරු තුමෙක් ගැන මෙම කුඩා ඇගයීම පිටු ගණනක වර්ණනාවකට වඩා අගනේය !
ReplyDeleteමගේ කුඩා කවිය ඇගයීම ගැන ඔබට තුති!
Delete