Monday, September 30, 2019

ළමා දින තිළිණය

ළමා දින තිළිණය 




ට්‍රොලියක් සෙමින්සෙමින් ඇදුනා ඉදිරියට
පුරවා තිබුණා ලස්සන සෙල්ලම් බඩු එතුළ
බෙදුවා ඔවුන් ආදරෙන් සෙල්ලම්බඩු සැමට
කිව්වා  ලෝක ළමා දිනයලු මේ දවස

එදයි දැන ගත්තේ ළමුන්ටත් දිනක් ඇතිබව
ඇන්දෙත් නෑ  ලස්සන ඇඳුම් ළමා දිනවල 
තිබුණා වුනත්  පහේ 'ලොකු' විභාගෙත්  එකලද
දැන් වගේ පාඩම් කළේ නෑ දින වකවානු ගැන

මේ ට්‍රොලිය ඇදුනේ රෝහල් වාට්ටුවක
ලෙඩ දරු පැටවුන්ය වූයේ  ඇඳන් මත
ලැබුණා එදා පුංචි බෝනික්කෙක් අතට
තවත් රස ටොපි ද  චොක්ලට් සමග

රෝස පාට ඒසොඳුරු  බෝනික්කා තාම
මතකයි හිටියා කාලයක් මා  එක්කම
ඒ ළමා දිනය හීනයකි අහසේ සිතුවම් වුණ
එය සිතට එබී කම් කරයි හැම ළමා දිනයකම.
© 2019 Malini Ganewatta All rights reserved. 

No comments:

Post a Comment