දැනට මේ විශ්වයේ ඇතැයි කියා මා විශ්වාස කරන්නේ මේ අප ජීවත්වන ග්‍රහ ලොව තුළ ඇති ජීවය පමණකි. අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනත් ග්‍රහ ලෝකවල හෝ විශ්වයේ වෙනත් චක්‍රාවාට වල හෝ ජීවයක් ඇත්නම් ඒ බව සනාථ වන දිනය තෙක් ඒ ගැන සිතීම අත්හරිමි.
අප පෘථිවියට ජීවය ආවේ කොහෙන්ද? පෘථිවිය ඇති වුයේ කවදා ද?
දැනට ඇති සාක්ෂි වලට අනුව පෘථිවිය බිහිවූයේ මෙයට වසර බිලියන 4.5 කට පෙරය. එහි ප්‍රථම ජීවය බිහි වූයේ දැනට වසර බිලියන 3.5කට පෙරය. එසේ ජීවය බිහිවූ දා සිට එම ප්‍රථම ජීවී සෛලය මේ දක්වා ඇත්තෙන්ම මරණයට පත් වීමක් සිදුවී ද? එසේ නැති බව පැහැදිලිය. ඒ එදා බිහිවූ අප සැමගේ මුතුන්මිත්තා එදා ආරම්භ කළ හුස්ම ගැනීම (ශ්වසනය) අද දක්වාම අඛණ්ඩව ගමන් කර ඇති අතර ඒ ගමන හෙටත් ඉදිරියටත්, කවදා හෝ මේ ග්‍රහලොව/ සෞරග්‍රහ මණ්ඩලය සම්පුර්ණයෙන් විනාශ වෙනතෙක් හෝ ජීවය තව දුරටත් පැවතීමට මෙහි තත්වයන් අසමත් වෙනතෙක් හෝ සිදුවනු ඇත. සමහර විට අපෙන් එකෙක් හෝ විශ්වයේ වෙනත් තැනකට ගොස් රැකී සිටීමට සමත් වුව හොත් තවත් ඉදිරියටත් මේ හුස්ම ගැනීම සිදුවනු ඇත.
මේ හුස්ම ගැනීමේ අඛණ්ඩ සිදුවීම සිදුවන්නේ කෙසේ ද?
එදා ඒ ජීවියා බිහිවී ටික කලෙකින් ඔහුගේ ප්‍රජනනය සිදුවී අලුත් ජීවියෙක් බිහිවන්නට ඇත. එවැනි සරල ජීවීන්ගේ ප්‍රජනනය මව් සෛලය දෙකට බෙදී නව දුහිතෘ සෛල දෙකක් ඇති වීමයි. එනම් එතැන මරණයක් සිදුවී නැත. මරණයක් සිදුවූවා යයි ඔබ සිතුවත් එය මළ සිරුරක් ශේෂ නොකරන මරණයකි. මෙහිදී මුල් ජීවියාගේ හුස්ම ගැනීම අඛණ්ඩවම දුහිතෘන් කරා ගමන් කර ඇත.
ජීවීන්ගේ ප්‍රජනනය ලිංගික ප්‍රජනනය තෙක් පරිණාමය වූ විට මව්පියන් අඛණ්ඩව ගෙන ආ ජීවන හුස්ම දුහිතෘ ජීවියා කරා ගමන් කරන්නේ ශුක්‍රානු හා ඩිම්බ හරහා ය. වඩාත් නිවැරදිව කිවහොත් ඩිම්බය හරහාය. මක් නිසාද යත් ජීවී සෛලවල හුස්ම ගැනීමේ ඉන්ද්‍රයිකාව වන මයිටොකොන්ඩ්රියා යුක්තානුවට ලැබෙන්නේ ඩිම්බයෙන් වීමයි. ශුක්‍රාණුවේ ද මයිටොකොන්ඩ්රියා ඇති නමුත් ඒවා යුක්තානුවට යාමට තරම් වාසනාවන්ත වෙන්නේ නැත.
මා මෙහි හුස්ම ගැනීම ගැන පමණක් උදාහරණයට ගැනීමට පෙළඹුණේ හුස්ම ගැනීම නැවතීම නැත්නම් අවසන් හුස්ම හෙලීම මරණය ලෙස පොදුවේ අප සළකන නිසාය. ඇත්තෙන්ම ජීවය සම්බන්ධ අනිකුත් ක්‍රියාවලින්ට අයත් දේවල් ද ඒවා පිලිබඳ තොරතුරු ගැබ්වී ඇති හුය වන DNA නම් රසායනික සංයෝගය ඔස්සේ ආරම්භක ජීවියාගේ සිට අප වෙත අඛණ්ඩව ගමන් කර ඇත. ඒ ගමනේදී මේ DNA හුයේ බොහෝ වෙනස්කම් ද සිදුවී ඇත. මේ නිසා මේ අඛණ්ඩව ගමන් කරන DNA හුය 'සසර හුය' ලෙස නම් කරමි. මේ සසර හුයෙහි ගමන අඛණ්ඩව සිදුවේ. එක් එක් පුද්ගලයා වශයෙන් 'මම' 'අප' ලෙස අප විසින් හඳුනා ගෙන ඇති අයවලුන් මේ අඛණ්ඩ සසර හුයේ එක් එක් ක්‍ෂුද්‍ර කොටස් වේ. එහෙත් මේ ක්ෂුද්‍ර අංශු වලට විශාල වැදගත් කමක් කාර්යභාරයක් ඇත. ඒ වැදගත් කම රඳා පවතින්නේ අප අතේ ඇති 'බැටන් ' එක යෂ්ටිය මේ ගමනේ ඊළඟ පුරුක/ක්‍රීඩකයා වෙත පවරා දීම කළ යුතු බැවිනි. එසේ නොදුනහොත් ඔබ සතු DNA හුය කොටසේ ගමන එතැනින් අන්ධව කෙළවර වෙයි.
එහෙත් මේ යෂ්ටිය ඊළඟ පුරුකට බාර දීමට ඔබට බල කිරීමක් නැත. ඔබට අවශ්‍ය නම් ඊළඟ පරපුරක් ඇති නොකර සිටීමේ නිදහස ඇත. නමුත් තව මිලියන ගණන් ජීවීන් තම යෂ්ටිය ඊළඟ ක්‍රීඩකයාට ලබා දෙනු ඇත. ජීවය අඛණ්ඩව ගලා යනු ඇත. මේ අනුව කවුරු හෝ පුද්ගල ශරීරයක් හිමි කෙනෙක් දරුවන් බිහි නොකරන්නේ නම් එතනින් ඔහුගේ සසර හුය නැවතී අවසන් වෙයි. ඔහුගේ ජාන ඉදිරියට ගමන් නොකරයි. ජාන යනු DNA අණුවේ කොටස් වේ.
ඇත්තෙන්ම සම්මතයෙන් ඔබ්බට සිතූ විට 'මම' ය 'මාගේ'ය කියා වෙන්ව ගතහැකි දෙයක් නැත්තේය. ඇත්තේ ජීවයේ අඛණ්ඩ ගලා යාමකි.
Photo by Maksim Tarasov on Unsplash
අපට අප සැමට වගකීමක් ඇත! ඒ ප්‍රවේණිය පවත්වා ගෙන යාමට. ඔබ කියවන්න හොඳපොතක් ඇත : ජීවයේ සම්භවය- සිරිල් පොන්නම්පෙරුම
ReplyDeleteස්තුතියි ඔබට කොමෙන්ටුවට. ඔව් ඒ යුතුකම අප විසින් ඉටුකර ඇත. ඔබ සඳහන් පොතේ සිංහල ඉංග්‍රීසි පිටපත් දෙකම කලකට පෙර මා විසින් කියවා ඇත.
Deleteමෙහි දක්වා ඇති ආකාරයට ජාන (DNA වල ඇති) ඉදිරියට යාමක් සිදුනොවේ. බෞද්ධ දර්ශනය සහ තවත් සමහර ආගම්වල ඉගැන්වීම් වලට අනුව මමත්වය සිඳ දමා 'අත්හැරීම' ප්‍රගුණ කළහැකිය. ජීවියෙකුගේ මරණයෙන් පසු ප්‍රතිසන්ධිය,පුනර්භවය වැනි සංසිද්ධි වලදී ජාන වලටත් වඩා සියුම් මෙතෙක් හඳුනා නොගත් යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක විය නොහැකිද?
ReplyDeleteස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. මා අදහස් කරන්නේ ජාන වල තැන්පත් ලක්ෂණ ඉදිරි පරපුර කරා අඛණ්ඩව ගලා යාමයි. තනි තනි පුද්ගලයකුගේ /ජීවියෙකුගේ මරණින් මතු භවයක්/ ආත්මයක් ඉදිරියට යාමක් ගැන නොවේ. බෞද්ධ හෝ වෙනයම් ආගමික දර්ශනයන් ගැන ගැටීමක් මේ තුළ නැත. මන් ද ඒවායේ පුද්ගලයෙකු වශයෙන් නිවන් දැකීමක් හෝ ස්වර්ගයට යාමක් කියවේ. ඒවා වෙනම මානයන් ගෙන් යුක්තය.
Delete