මට දැනෙන විදියට බක් මහේ නම්,
කොහාට සිවු වරක් වැරදුණා දැන්,
මේ මගේ ජීවිත ගමන ඇතුළෙම,
ඔව්,පොඩියි පළවෙනි සැරේ නම් මං!
ඒ සැරේ තිබුණෙ රතුම රතු එරබදු මල්,
ගඟේ පාවී ගිය මූසලම මූසල කාලයක්,
කොහා ඇඩුවලු මුළු දවස පුරාම ඉඳන්,
වැළපුම් පමණි ඇසුණේ සැම දෙසින්,
කොහාගේ උණුම උණු, උණු කඳුළු;
ගිං ගඟේ පාවී පාවී ගිං තොටට ගියාලූ,
එදසුන අපේ ඇස ගැටුණෙ නැතුවාට,
කටුවක් හද පත්ලටම.ඇමිණී තිබුණාලු .
ඊළඟ සැරේ කොහොම ගී ගයන්නද ඉතින්,
ගිලිහුණු මවු සෙනෙහෙ පපුවට තද කරන්,
අනේ ! අඬ අඬා ගියා ඌ ඒකත් අරන්,
දෑසින් මැකී ඈතට ඈතට ගිං ගං තොටින්.
තුන්වෙනි සැරේ හිටියා ඌ ගී සුසර කරමින්,
ඒත් මහ පිපිරුමක් වුණා හීන කන්දක් යටින්,
තැන තැන මිනී බෙර වැයෙන්නට වුයෙන්,
ඌ ගොළු වුණා ගී උගුරෙ හිර කරන්.
ලෝකයම කඳුළු ගඟක කිමිදුනෙන්;
කුමන ගී ගැයීමක් ද මේවර ඉතින්,
සිහින් ඉකියකි ඇසෙන නෑසෙන දුරින්,
පුංචි රතු කොවුල් ඇස අඩවන්ය දැන්.
©Malini Ganewatta
Photo by Challiyan - Own work, CC BY-SA 4.0, https://commons.wikimedia.org/w/index.php?curid=3745626