තවත් නව වසරක්
එළඹුණා ගෙන මිහිරක්
ටිකකින් කැළඹුමක්
සමග ආවේ අමුතු වෙනසක්
සිතුම් දස දහසක්
පැතුම් ඊටත් වැඩිය ගොන්නක්
තව හීන කන්දක්
අසුරු සැණකින් මැකුණු හැටියක්
හුස්ම ගත් මිනිසුන්
ඇස් පුරා හිනැහුණු උන්
ලොව සැම තැනම උන්
දැන් කොහෙද කෝ කොහි ගියෙද උන්
නෙමේ පොඩි ගණනක්
තුන අගට බිංදුම පහක්
ඇස අගට කඳුලක්
අනේ ලෝකය සෝක සයුරක්
හීන පොදී බැඳ ගෙන
කොහි යන්නෙ ගැල ඇද ගෙන
දිනෙක මෙය නැවතෙන
හීන සේරම හුළගෙ විසිරෙන
පරමාණු අහුරක්
මිසක් නැත වෙන කිසිවක්
ඒ බව කර පසක්
යන්න යමු ඔහෙ තව ටික දුරක්
© 2020Malini Ganewatta
ලස්සනට පබදලා තියෙනවා...
ReplyDeleteThank you Mithila.
ReplyDeleteකාලීන වටිනාකමක් ඇති කවි පෙළකි.
ReplyDeleteස්තුතියි සර්, කොමෙන්ටුවට.....
ReplyDelete