Sunday, June 26, 2022

තනේ ගැන නොදන්නා බණේ





 





තනේ ගැන නොදන්නා බණේ

තන ගැන කතා බහ හැම තැන ඇසෙන සමයේ ඒ ගැන විස්තර ටිකක් ලියන්නයි හිතුනේ.
තන හෙවත් පියයුරු ස්ත්රී පුරුෂ දෙගොල්ලන්ටම හිමි ශරීරාංගයකි. යුගල වශයෙන් ඇති පියයුරු පුරුෂයන්ගේ විශාලව නොවැඩෙන අතර ස්ත්රී පියයුරු ළදරුවන් මව්කිරි වලින් පෝෂණය කිරීමේ මූලික කෘත්ය සඳහා ග්රන්ථීමය අවයවයක් ලෙස විශාලව වර්ධනය වේ. එහි කුඩා අනු කණ්ඩිකා ( lobules) රැසකින් නිර්මිත කණ්ඩිකා (lobes) 15 - 20 දක්වා නිශ්චිත සංඛ්යාවක් ඇත. ඒවායේ සිට විහිද එන ක්ෂීර නාලිකා එකතුවී තන පුඩුවට විවෘත වේ. පියයුරුවල ලොකු කුඩා බව හුඟක් හුවා දැක්වෙන නමුත් ඒ ඛණ්ඩිකා සංඛ්යාව අඩු වැඩි නැත. ලොකු කුඩා බවට හේතුව තැන්පත් මේද ප්රමාණයයි.
ස්වභාවික හැම දේම වෙනස් කර ගැනීම එතරම් අමාරු නොවෙන මේ වකවානුවේ පියයුරු ද ඒ විපර්යාසයට ලක්නොවීමට හේතුවක් නැත.
මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙනු මවගේ කිරි වලිනුත් යයි ගෝර්කි පවසා තිබේ. ඔව්! ලොව ඇති එකම සර්ව සම්පූර්ණ ආහාරය මව් කිරිය. ළදරුවකුට මාස හයක් දක්වා එකම ආහාරය එයම පමණි. ඒ නිසා පියයුරු අද්විතීය අවයවයකි.
දරු උපතින් පසු කිරි එරීම හෝමෝන මගින් පාලනය වන ක්රියාවලියකි. ප්රෝලැක්ටින් හෝමෝනය කිරි නිෂ්පාදනය සඳහා ක්රියා කරන අතර ඔක්සිටොසින් හෝමෝනය කිරි නිකුත් කිරීම සිදු කරයි. දරුවා කිරි උරා බීමේදී තන පුඩුව අවට සෛලවල ඇති වන ස්නායු සංවේදන මොළයට ගමන් කිරීම ද හෝමෝන ක්රියාකාරිත්වය ඇති වීම සඳහා අත්යවශ්ය වේ.
පියයුරු ස්ත්රී රූප සොබාව කුළුගන්වන ප්රධාන අවයවයක් පමණක් නොව පිරිමින්ගේ අවධානයට ද නිතැතින්ම ලක්වේ. ඒ ගැන වර්ණනා කෙරෙන සාහිත්යාංග බොහෝය. 'නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන' යනුවෙන් රාහුල හාමුදුරුවන් ද ලියා ඇත්තේ එබැවිනි.
එමෙන්ම ස්ත්රීන් ගේ ලිංගික උත්තේජනය ඇති කිරීමේ ලා පියයුරු ස්පර්ශය වැදගත් කාර්යයක් ඉටු කරයි. එපමණක් නොව ඔක්සිටොසින් රුධිරයට ශ්රාවය කර ප්රසව වේදනා ආරම්භ කිරීමට ද පියයුරු උත්තේජනය වැදගත් වේ.
කෙසේ වෙතත් ලොව කොතැනක හෝ ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම යම් ශරීරාංගයක අඩු පාඩුවක් හෝ යම් ශරීරාංගයක් උළුප්පා දක්වා එය හිමි තැනැත්තා /තැනැත්තිය අවමානයට පත් කිරීම හෙළා දකිමි. පියයුරු වලටත් එය අදාළය.
Photo from Pexel

Thursday, June 23, 2022

අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා







 





අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා

පෙර දිග ලෝකයේ බැබලුණ මුතු ඇටය
තිබුණා කලක් එහි අප කදිමට හිටිය
හොඳටම කරන්නට නිරිඳෙකු ආ හැටිය
රට ගොඩ ගන්න බැරි ලෙස වලකට වැටිය
සිවු වසරක් ගෙවී වසරක් ලබන විට
රජ උණ හැදෙන්නට විය එරට දන හට
පරසක්වලින් ගෙන්වා ගත්ත එකෙකුට
පුම්බා හුලං උඩ ඇරිය හැටි කදිමට
පිම්බූ රූප තුරුලට අරන් ඉඹ ගෙන
හමුවූ විටදි තෙරපී අත බදාගෙන
රට බේරා දෙන්න කියමින් අඞා ගෙන
සුකොමළ ළන්දු පෙරමග දිග ඇදී ගෙන
කවදත් රටේ ගො/න් ජනයා ගැන දන්නා
උන් රිසි පරිදි ඇද බාමින් ගජ බින්නා
අවුරුදු හැත්ත ගණනක් කරකවමින්නා
කියපු දේම ආයෙත් රස කර පෙන්නා
'බලය මට දෙන්න රැක දෙන්න පුරවර
මගෙම රජයකුත් මට ඕන මේ වර
තුනෙන් දෙක තමයි දැන් අඩුව ඇති බර
විස්ස තිබුණොතින් මවමි මං සුරපුර'
උගුර කඩාගෙන වියතුන් කෑ ගෑවා
කියපු දේට රට වැසියන් මත් වූවා
මෙහෙම කියා උන් හැම බලයට ආවා
රට වැසියන්ට උන් හිටි තැන් නැති වූවා
වසර දෙකක් ගිය තැන ඒ මහවිරුවා
වෙන කවුරුත් නෙවේ මං හොඳටම කෙරුවා
කියමින් අලුත් යුගයට පියමං කෙරුවා
වැසියන් ටිකෙන් ටික ගෙන මහමග මැරුවා
පඹයෙකු වගේ වෙලකට සකුණ එළවන
වැනි වැනි වැරදි දැන දැන අරන් තීරණ
මට වැරදුනා කියමින් අඞන කාරණ
අසමින් තවම ඇත දන කිළුටු සෝදන
දවුලක් බැඳන් රට තොට අඞහැර පෑවා
හවුලක් හදන් හොඳ හැටියට රඟ පෑවා
නගුලක් නැතුව මුන් හැම කදිමට හෑවා
අවුලක් නැතුව පවුලක් මුළු රට කෑවා
(Thanks to Marvin Meyer for the photo on Unsplash)

Sunday, June 19, 2022

කුසගිනි නිවීම

 












කුසගිනි නිවීම

අපි අඞන විට
අල්ලපු වත්තේ කොස් ගහට නැග
ළපටි කොස් ගෙඩියක් කඩාගෙන
පොල් දමා මලවා කන්නට දී
අපේ කුසගිනි නිවූ අම්මා නුඹය.
දානෙ ගෙදර ඉතුරු බත් එකතු කර
ගෙනත් කුල්ලේ දමා
අව්වේ හොඳට වියලා
මුට්ටියක දමා අටුවේ තබා
ටික ටික ගෙන නැවත උයා
පොල් සම්බෝල සමග
කන්නට දී අපේ කුසගිනි නිවූ
අම්මා නුඔය.
අපේ හිස් බඩවල් දැක දැක
අපට නොපෙනෙන්න රහසේ ඇඞූ
යනෙන මග දෙපස ගස්වල
කනේරු ඇට ඇති තරම් දුටුවත්
නුදුටුවාසේ ඉඳ ඒ දුක් ඉහිලූ
අම්මා නුඔය.
නුඹ කියාදුන් මග ගියෙන් මම
මට දැන් තිබේ බත්
බඩ පුරා කන්නට
ඒත් බැරිය නුඹට දෙන්නට.
නුඹ නිදන පස යහන උඩින් ඇති
නිල් තණකොළ පලස මත
සුදු සමන් මල් පොකුරක් තබා
නෙත නැගුණු කඳුල අතගා පිසදා
හාමතින් සිටි දරු පැටවු එකතු කර
බත් ටිකක් උයා දුනිමි මම
එවිට උන්ගේ නෙතේ ඇඳී ගිය
කාන්තිය අයිති මට නෙමේ නුඹට
එවමි එය පාකර මද පවනක
නුඹ සිටින යහනට
අම්මේ එය අයිති මට නෙවේ නුඹට!!!
Photo from Unsplash

Friday, June 3, 2022

මල් පරවී ගියා

 










මල් පරවී ගියා 

 

සීතල හිම දියවී කාලය

ඔහේ පියා සැලුවා

වසන්තයේ ඇරඹුමේ සිට 

මා දෑස් දල්වා මග බලා සිටියා

 

බලපොරොත්තුවේ  පහන් සිල

බඳුනේ අවසන් තෙල් බිංදුව උරාගෙන

වෙව්ලමින් මද සුළගේ පොර බදමින්

ඔන්න මෙන්න නිවෙන්නට යන මොහොතේ

 

වසන්තයේ අග ආවා

 

මා වෙත මල් පොකුරක් පිදුවා

ඇගේ රන් වළලු ලූ සිහින් දෑත්

මගේ ගෙලවට මොහොතකට වෙලුණා

අවසන් චුම්බනය මා ඇගේ නළලත තැබුවා.

 

සමුගෙන යන්නම යන්න ගියා

ඇගේ නිවහල් ලොව කරා යන්න ගියා 

ඕනෑවට එපාවට මා අතට ගත් මල්

මේසය මත කඳුළු සලමින් හිටියා

 

මල් එකින් එක අතට ගන්නට මට සිතුණා

අරන් ඒවායේ සොඳුරු බව සෙව්වා

රතු රෝස වල ඩේලියා වල වෙන වෙනම

අමුතු වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා

 

ඒත් වනවිට කාලය අතීතයට

ඈතට ඈතට ගිහින් ඉවර වී තිබුණා

මල් එකින් එක පරවී ගියා

මං බලන් හිටියා බලන් හිටියා

මට දුන් මල්වල සොඳුරු බව

හා සැනසිල්ලේ දොඩන්නට

ඒත් කවදාවත් ආපසු ආවේ නෑ!!!