Friday, June 3, 2022

මල් පරවී ගියා

 










මල් පරවී ගියා 

 

සීතල හිම දියවී කාලය

ඔහේ පියා සැලුවා

වසන්තයේ ඇරඹුමේ සිට 

මා දෑස් දල්වා මග බලා සිටියා

 

බලපොරොත්තුවේ  පහන් සිල

බඳුනේ අවසන් තෙල් බිංදුව උරාගෙන

වෙව්ලමින් මද සුළගේ පොර බදමින්

ඔන්න මෙන්න නිවෙන්නට යන මොහොතේ

 

වසන්තයේ අග ආවා

 

මා වෙත මල් පොකුරක් පිදුවා

ඇගේ රන් වළලු ලූ සිහින් දෑත්

මගේ ගෙලවට මොහොතකට වෙලුණා

අවසන් චුම්බනය මා ඇගේ නළලත තැබුවා.

 

සමුගෙන යන්නම යන්න ගියා

ඇගේ නිවහල් ලොව කරා යන්න ගියා 

ඕනෑවට එපාවට මා අතට ගත් මල්

මේසය මත කඳුළු සලමින් හිටියා

 

මල් එකින් එක අතට ගන්නට මට සිතුණා

අරන් ඒවායේ සොඳුරු බව සෙව්වා

රතු රෝස වල ඩේලියා වල වෙන වෙනම

අමුතු වෙනදා නොදුටු සුන්දරත්වයක් තිබුණා

 

ඒත් වනවිට කාලය අතීතයට

ඈතට ඈතට ගිහින් ඉවර වී තිබුණා

මල් එකින් එක පරවී ගියා

මං බලන් හිටියා බලන් හිටියා

මට දුන් මල්වල සොඳුරු බව

හා සැනසිල්ලේ දොඩන්නට

ඒත් කවදාවත් ආපසු ආවේ නෑ!!!

 

No comments:

Post a Comment