Tuesday, May 24, 2022

වසන්තයේ අග

 












මේ ගත වෙන්නේ වසන්තයේ අග භාගය. දැනටමත් ගහ කොළ මැලවෙන ඒ උණුසුම් ගිම්හානය එළිපත්තෙන් එබෙනවා. දිවා අහස නිල්ම නිල් පාටයි.  වළාකුලක් දකින්නේ කලාතුරකින්.  ගහ කොළ සේරම කොළ පාටයි.  පහුගියදා ලස්සනට පිපී හිනැහුණු රෝස මල් පර වෙලා.  හිතට ගෙන එන්නේ ශෝකී බවක්.  ඒත් යළිත් එන වසන්තය ගැන බලාපොරොත්තුව අපි ජීවත් කරවනවා.  අද උදේ මම ඇවිදින්න ගියා "වසන්තයේ මල් පොකුරු නෙලා ...." අමරදේවයන් සනාතන දහමක් ගැන ගයන ඒ මියුරු ගීතය ශ්‍රවණය කරමින්.  මේ African Lily නම් හිනාවේගෙන හිටියා උදේ හිරුරැස් නා ගන්න ගමන්. African Lily වලට Lily of the Nyle කියලත් කියනවා. විද්‍යාත්මක නම Agapanthus africanus.  Amaryllis පවුලට තමයි අයිති වෙන්නේ. හිරු එළිය ප්‍රිය කරන පඳුරක පිපෙනවා. මේ දවස්වල දවල් වෙද්දී හරිම උණුසුම්.  හැබැයි ලංකාවේ වගේ දහඩිය දාන්නේ නැහැ.  

No comments:

Post a Comment