Sunday, June 26, 2022

තනේ ගැන නොදන්නා බණේ





 





තනේ ගැන නොදන්නා බණේ

තන ගැන කතා බහ හැම තැන ඇසෙන සමයේ ඒ ගැන විස්තර ටිකක් ලියන්නයි හිතුනේ.
තන හෙවත් පියයුරු ස්ත්රී පුරුෂ දෙගොල්ලන්ටම හිමි ශරීරාංගයකි. යුගල වශයෙන් ඇති පියයුරු පුරුෂයන්ගේ විශාලව නොවැඩෙන අතර ස්ත්රී පියයුරු ළදරුවන් මව්කිරි වලින් පෝෂණය කිරීමේ මූලික කෘත්ය සඳහා ග්රන්ථීමය අවයවයක් ලෙස විශාලව වර්ධනය වේ. එහි කුඩා අනු කණ්ඩිකා ( lobules) රැසකින් නිර්මිත කණ්ඩිකා (lobes) 15 - 20 දක්වා නිශ්චිත සංඛ්යාවක් ඇත. ඒවායේ සිට විහිද එන ක්ෂීර නාලිකා එකතුවී තන පුඩුවට විවෘත වේ. පියයුරුවල ලොකු කුඩා බව හුඟක් හුවා දැක්වෙන නමුත් ඒ ඛණ්ඩිකා සංඛ්යාව අඩු වැඩි නැත. ලොකු කුඩා බවට හේතුව තැන්පත් මේද ප්රමාණයයි.
ස්වභාවික හැම දේම වෙනස් කර ගැනීම එතරම් අමාරු නොවෙන මේ වකවානුවේ පියයුරු ද ඒ විපර්යාසයට ලක්නොවීමට හේතුවක් නැත.
මේ ලොව පවතින්නේ හිරුගේ රශ්මියෙනු මවගේ කිරි වලිනුත් යයි ගෝර්කි පවසා තිබේ. ඔව්! ලොව ඇති එකම සර්ව සම්පූර්ණ ආහාරය මව් කිරිය. ළදරුවකුට මාස හයක් දක්වා එකම ආහාරය එයම පමණි. ඒ නිසා පියයුරු අද්විතීය අවයවයකි.
දරු උපතින් පසු කිරි එරීම හෝමෝන මගින් පාලනය වන ක්රියාවලියකි. ප්රෝලැක්ටින් හෝමෝනය කිරි නිෂ්පාදනය සඳහා ක්රියා කරන අතර ඔක්සිටොසින් හෝමෝනය කිරි නිකුත් කිරීම සිදු කරයි. දරුවා කිරි උරා බීමේදී තන පුඩුව අවට සෛලවල ඇති වන ස්නායු සංවේදන මොළයට ගමන් කිරීම ද හෝමෝන ක්රියාකාරිත්වය ඇති වීම සඳහා අත්යවශ්ය වේ.
පියයුරු ස්ත්රී රූප සොබාව කුළුගන්වන ප්රධාන අවයවයක් පමණක් නොව පිරිමින්ගේ අවධානයට ද නිතැතින්ම ලක්වේ. ඒ ගැන වර්ණනා කෙරෙන සාහිත්යාංග බොහෝය. 'නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන' යනුවෙන් රාහුල හාමුදුරුවන් ද ලියා ඇත්තේ එබැවිනි.
එමෙන්ම ස්ත්රීන් ගේ ලිංගික උත්තේජනය ඇති කිරීමේ ලා පියයුරු ස්පර්ශය වැදගත් කාර්යයක් ඉටු කරයි. එපමණක් නොව ඔක්සිටොසින් රුධිරයට ශ්රාවය කර ප්රසව වේදනා ආරම්භ කිරීමට ද පියයුරු උත්තේජනය වැදගත් වේ.
කෙසේ වෙතත් ලොව කොතැනක හෝ ස්ත්රී පුරුෂ දෙපක්ෂයේම යම් ශරීරාංගයක අඩු පාඩුවක් හෝ යම් ශරීරාංගයක් උළුප්පා දක්වා එය හිමි තැනැත්තා /තැනැත්තිය අවමානයට පත් කිරීම හෙළා දකිමි. පියයුරු වලටත් එය අදාළය.
Photo from Pexel

2 comments:

  1. කිව යුතු දේ කෙලින්ම කීමට එඩිතර වීම ගැන ඔබට තුති. අද සමාජයේ මේ අනවශ්‍ය දේ උලුප්පා දක්වන්නේ විකෘති මානසිකත්වයක් ඇති අය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එවැනි අය බහුල වී ඇත්තේ අද පවතින බහුබූතදේශපාලන විපර්යාස නිසා බවයි මගේ හැඟීම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් ඔබේ කොමෙන්ටුවට. සැබෑ තතු දැක්වීමටයි ඕන වුණේ .

      Delete