සැහැල්ලුව
දිය වගේ අපූරුව දිස්නය දෙන
නමුදු තෙතමනයක් නැති රැඳෙන
රස්නය පමණි මුළු ගත දවන
ඇස් ද ගිනිකණ වැටී පියවෙන
හිස් අහස සැමට වහළය සදන
එකම ඉර හඳ සැමදාම පායන
රොස් පරොස් තැවුල් සැම බිඳගෙන
අස්කර ගනිමු මේ මලු උර රිදෙන
කඳු මුදුනේ ඈත සුපසන් තැන
හොඳ නරක කිසිවෙක් නොදකින
හමුවී වැළඳ ගමු අපි සැමදෙන
කතාකර ඇස්වලින් සිනාසෙන!
Image from Unsplash free images
සැහැල්ලුව... හරි අගේ ඇති කවි පෙළක්. ලස්සනයි✍️👌
ReplyDeleteබොහොම ස්තුතියි නමිය
Deleteනමියා කිව්ව නිසා අාවෙ. ලස්සන කවි. අාපහු එනව කියවන්න.
ReplyDeleteෆලොවර්ස් ගැජට් එක දැම්ෙමාත් අපට ලේසියි...
බොහොම ස්තුතියි ඩ්‍රැකී
Deleteකැමැත්ත තියෙනව වුණාට කවියට
ReplyDeleteමගෙ නැහැ කැමැත්ත නිකම්ම ලිව්වට
වදිනව නං කවි- තදින්ම හිතකට
ආන්න කවි! යැයි හිතෙනව මේ මට
බොහොම ස්තුතියි පංච තන්තරේ !
Delete🤗👌💕🥰
ReplyDeleteබොහොම ස්තුතියි නවීන්
Delete