නොස්ටැල්ජික් කතා 5
මහ පූසී අපේ
ගෙදරට ආවේ කොහේ ඉඳලා ද කියලවත්
කවදාද කියලවත් අපට නම් මතකයක්
නැහැ. හැබැයි මතක ගොඩක් අපට දීලා අනේක දුක් මෙන්ම සැප විඳලා අවුරුදු 15ක් අවසානයේ ඈ අපේ ඉස්සරහම අවසන් හුස්ම පොද
වාතයට එකතු කළේ ටිකක් කල් ලෙඩ වෙලා ඉඳීමෙන් පස්සෙයි. අත්තම්මා කෑම බිමෙන් නම්
සතුන්ට කිසි අඩුවක් කරන්නේ නෑ. ඒක ඇගේ කරුණාව වගේම අභිමානයේත් එකතුවෙන් වුණු
දෙයක්.
"බල්ලගේ ඉරනම්
කටු පේනවා. මිනිස්සු හිතයි අපි කන්න දෙන්නේ නෑ කියලා" ගෙදර බල්ලා පොඩ්ඩක්
කෙට්ටු වුණහම ඈ කිව්වා.
කොහොම කන්න
දුන්නත් පූසෝ ගෙදරම ඉන්නේ නැහැනේ. ඉතින් මහපුසී අහලපහල ගෙවල්වල සංචාරේ ගියා. අන්න
එහෙම ගිය වෙලාවල්වල සමහර නපුරු මිනිස්සු ගල් වලින් ගහලා ද දන්නේ නැහැ ඇගේ එක ඇහැක්
රතුවෙලා ඉදිමිලා එළියට පැනලා වගේ වුණා. අත්තම්මා ඇස් වෙදහාමිනේ නොවැ. අර බුද්ධදාස රජ්ජුරුවෝ නයාටත් බෙහෙත් කළා වගේ ආත්තම්මා
පුසගේ ඇහැටත් බෙහෙත් කරලා හොඳ කළා.
මහ පූසීට
තිබුණේ පොල් සම්බල් පාට, කළු පාට හා සුදු පාට කියන පාට තුනේ ලෝම
ගොඩක්. එහෙම පාට තුන තියෙන හැම පුසන්ම ගැහැනු සතුන් නිසා ඈත් ගැහැනු සතෙක් වුණා. ඒ
කාලේ පූසන් වන්ද්‍යාකරණය කියලා දෙයක් තිබුණේ නැහැනේ. ඉතින් මහ පුසිගේ බඩ වරින් වර
ලොකු වුණා . ටික දවසකින් මඩුවේ හරි, ගෙයි කුස්සි කොටසේ
ගබඩා කාමරයේ හරි, ආත්තම්මාගේ
කාමරයේ හරි ඒ බඩ නිදහස් කරලා පුළුන් බෝල ටිකක් අපට දකින්න සැලැස්සුවා. එයාලා ඇස්
අරිනකම් වගේම ඇස් ඇරියට පස්සෙත් මහ පුසීගේ වැඩේ පුළුන් බෝල කටින් ඩැහැගෙන රට වටේ
ඇවිදිනවා. ඒක පූස් අම්මලාගේ රාජකාරියක් නේ.
මේ මහ පුසිටයි
පැටවුන්ටයි අපේ මුත්තණ්ඩි නම් පොඩ්ඩක්වත්
කැමති වුණේ නෑ . අපි පූසෝ අතපත ගානවට වඩා ගන්නවට ආස වුණේ නැහැ. මේකට හේතුව හැටියට
මුත්තණ්ඩි කියන්නේ
“දරුවෝ බල්ලලු
අල්ලන්න එපා. ඔය මවිල් පපුවට යනවා.”
මේක හැර උන්දැ
අකමැතිම තව එකක් තිබුණා . ඒ අපේ බුලත් කෑම. උන්දැ නම් බුලත්,පුවක්, හුණු, දුම්කොළ පදමට දාලා බුලත් විට කෑවා. හැබැයි
ගෙදර බුලත් වැලෙන් හරි කොළයක් හරි අපි
කනවා දැක්කොත් දෝස්මුරේ දැම්මා.
“ළමයිනේ බුලත් කෑවහම
ඉංගිරිසි කතා කරන්න බැරි වෙනවා.”
මාමලා එහෙම හොඳට
ඉංග්‍රීසි කතා කළේ බුලත් නොකාපු නිසා වෙන්න ඇති. හැබැයි අපි නම් ඉතින් හොරෙන් හරි
බුලත් නම් කෑවා. බුලත් විතරක් නෙමේ ගස්වල කඳන් දිගේ උඩට බඩ ගාන වැම්මල් කියන බුලත්
වර්ගයේ කොළත් කෑවා. ඇත්තටම ඒවා කෑවහම කම්මුල් ඇතුළු පැත්ත තාවකාලිකව ගොරෝසු වුණා.
ඉංගිරිසිත් යන්තම් කතා කර ගත්තා කියමුකෝ.
ඔන්න ඉතින් අපේ
මහ පුසී සැරයක් පැටවූ තුන් දෙනෙක් දැම්මා. සුදු පාට දෙන්නයි, පොල් සම්බෝලයයි. සුදු පාට දෙන්නා කවුරු
නමුත් අරන් ගියා. පොල් සම්බලයා ඉතුරු වුණා. අපි එයාට හරිම ආදරය වුණා. ඉමබා ,වඩා ගත්තා , ඇඳන්වල නිදි කෙරුවා. මුත්තණ්ඩිට තරහ යන හැම දේම කළා.
“මෙහෙමත්
මනුස්සයෙක් ! පණ පිටින් සත්තු වළලනව ද?
කරපු පව් මදිද?
"ආත්තම්මා පරල වුණා. සාමාන්‍යයෙන් ආත්තම්මා
ඔය වගේ දේවල් වලදී එහෙම තමයි. මුත්තණ්ඩි ම්හු නැහැ. උන්දැ තමයි එකත් එකටම වැඩේ කරලා
තිබුණේ. හැබැයි බාගෙට වළ දැම්මේ මැරෙන්නේ නැතිවෙන්න වෙන්න ඕන. රෑ වෙද්දී කාට හරි
ගිහින් දෙන්න හිතුවා වෙන්නත් පුළුවන්. මොකද ගමේ පන්සලේ ප්‍රධාන දායකයෙක් වෙච්චි,
ඒ වගේම් ආත්තම්මා එක්ක ඉඳහිට සිල් සමාදන්
වෙන්නත් ගිය සැදැහැති උපාසක මහත්තයෙකුත් නොවැ.
පොල් සම්බලයා
අපි එක්ක ඉඳලා පස්සේ කවුරුහරි අරන් ගියා මගේ මතකේ හැටියට.
අපේ ගෙදරත් ඉන්නවා දෙන්නෙක් අනවසරයෙන් පදිංචි උන. උන්ගේ චර්යාවන් බලාඉඳීමත් හොඳ මානසික ව්‍යායාමයක් තමයි.
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට. ඔව් එයාලා සුරතල් . ඒ වුණත් ගෘහස්ථ බළලුන් පක්ෂීන් ඇතුළු හුඟක් සතුන්ට තර්ජනයක් බව හෙළිවී තියෙනව.
Deleteඅපෙ මහ පූසිත් අවුරැදු 10කට වඩා ඉඳල මැතක පරලෝ ගියා. පාට 3ක් තියෙන උන්දැල කාන්තාවො කියල ඇහැව්වෙ අදමයි. හැබැද මන්ද
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට. පාටතුනේ අයගේ ජාන අනුව එයාලා ගැහැනු තමයි. X වර්ණ දේහය තමයි ඒ වර්ණ තීරණය කරන්නේ. මෙයාලට කැලිකෝ කැට්ස් කියලා කියනවා.
Delete+++++++++
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට.
ReplyDelete