ගුටි or නෝ ගුටි
දෙමාපියන් හා වෙනත් වැඩිහිටියන් කියනවා ගහපු නිසා ඔවුන් හැදිලා කියලා . එහෙම ගුටි දුන්නේ නැත්නම් අපි හිර ගෙවල්වල කියනවා.
මෙහෙම කියන මානසික තත්ත්වය නැත්නම් මනස සනසා ගැනීම Coping mechanism එකක්. ඒ කියන්නේ තමන්ට ගුටි කෑමට සිදුවීම හොඳ දෙයක් නොවුණට ඒ වෙලාවේ ඒ ගැන දුක් වුණාට, තරහ ආවට පසුව ඒක සාධාරණීකරණය කර ගැනීමක් තමයි මෙතන තියෙන්නේ.
හය වැනි ශ්රේණියේ සිට හා වැඩිපුරම උසස් පෙළ සිසුන්ට මිශ්ර පාසලක සේවය කළත් මම නම් සිසුන්ට ගුටි දීලා නෑ. ටික වෙලාවක් හිටගෙන ඉන්න සැලැස්වීම, වචනයෙන් ටිකක් තදින් කතා කිරීම හා වැරදි කරන ළමයින් ගේ නම් ඔවුන් black book කියලා කියන පොතක ඇතුළත් කිරීම තමයි මගේ දඬුවම් වුණේ. පසුව ඒ වැරදි චරිත සහතිකයට ඒවි කියලා ඔවුන් හිතනවා. අදාළ ළමයි එක්ක පසුව පුද්ගලිකව කතා කරලා වැරැද්ද පෙන්වා දී තිබෙනවා.
මං ගුටි කාලත් නෑ. කොහොමත් මං ඉගෙන ගත් පාසලේ ගුටි නෑ. හැබැයි දණගැස්සවීම්, පුටුව උඩ නැග්ගවීම් තිබුණා. මං ඒවා අගය කරන්නේ නෑ. ඒවා නිසා මට අමුතු හොඳක් වුණේ නෑ. මට එහෙම කළ විදුහල්පතිනියන් ගුරුවරුන් මගේ හදවතේ ලස්සන මතක මල් ගොන්නේ නෑ. ඔවුන් ඉන්නේ එහි අස්සක අඳුරු මුල්ලක.
විදුහල්පතිලා හා ගුරුවරු ළමයින්ට ගහනවා මං දැකලා තියෙනවා. ඒවා කරන විට එයාලාගේ ශරීර භාෂාව කිව්වේ තරහක් මිස ළමයා හදා ගන්න ඕනකමක් නෙවේ. සමහර මැදි වියේ ගූරුන් තරුණ පිරිමි සිසුන් සමග තරහකින් ඉන්න බවකුත් මං නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ තරහ අතින්, වේ වැලෙන් විතරක් නෙවේ පයින් පවා ඒ ළමයි වෙත යොමු වුණා.
ප. ලි. මනෝ විද්යාව අනුව අපි coping mechanism පාවිච්චි කරන වෙලාවල් හුඟක් තියෙනවා. උදාහරණයක් විදිහට මට පහසුකම් අඩු පොඩි ගෙයක් තියෙනවා යයි සිතමු. එවිට මං හිත හදාගන්නවා මෙහෙම. "කොච්චර මිනිස්සු ඉන්නවා ද අගු පිලක්වත් නැති". මෙහෙම කියලා මං ඒ මගේ අඩුපාඩුව ගැන මගේ සිත දුකින් පිරීම මග ඇර ගන්නවා.
As someone who was taught with utmost love by stardust souls (including your husband), and someone who is trying to impart an equal amount of love to my own students, Yes, I do agree!
ReplyDeleteThank you The Rain Girl for the comment. Yes, the influence of a good teacher extends beyond the classroom, well into the future!
Delete