කාන්තා ලිංගික අපයෝජනය අධිකරණය හමුවේ දී....
ළදරුවන් හා ළමයින් තමන්ට වෙන්නේ මොකක්ද නොදැනම දූෂණය වෙනවා. අවුරුදු දහසයට අඩු ළමයෙක් දූෂණය වුණොත් වගේම එසේ එකතුවීම ළමයාගේ කැමැත්ත ඇතිව සිදු වුණත් අපරාධමය වරදක්.
අපි හිතමු අවුරුදු දහසයට වැඩි කෙනෙක් බලහත්කාර කමකට ගොදුරු වෙනවා කියලා. එතනදී ඒ බලහත්කාර කමට විරුද්ධ වීමට ඇය යම් යම් උපක්රම ගත්තා වෙන්න පුළුවන්. ඒවා අනුව සපා කෑම්, සීරීම් වගේ තුවාල ශරීරයේ තිබීම අධිකරණ වෙෙද්ය විද්යාව අනුව සොයා බලනවා ඇති. මං ඇත්තටම අධිකරණ වෙෙද්ය විද්යාව ගැන දන්නේ නෑ.
මේ වගේ නඩුවකදී ස්ත්රී පාර්ශවයේ කැමැත්ත නැතුව ඒ සිදුවීම වුණා කියන එක නැත්නම් සාපරාධි බලහත්කාර කම ඔප්පු කිරීම තරමක් අමාරු දෙයක් බව මං අහලා තියෙනවා. ඒ ගැන දන්නා අයගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
අපි හිතමු වින්දිතයාගේ බාහිර තුවාල කිසිවක් නෑ කියලා. ඈ පොරබදා ඇති බවට සැළකිය යුතු තරම් සාක්ෂි නෑ කියලා. මං.. රණ බවට තර්ජනය කර හෝ ආයුධයක් පෙන්වා හෝ බලහත්කාරය වෙන්න පුළුවන් නේ.
අන්න ඒ වගේ වෙලාවක මං මේ කියන්නෙ ජීව විද්යාව අනුව සිදුවිය හැකි දෙයක්. ඒ කියන්නේ ස්ත්රී ශරීරය හැදිලා තියෙන විදියට බලහත්කාරී ප්රවේශයක් වුණත් ටික වෙලාවක් යද්දි ඒක ශරීරය විසින් පිළිගන්න ඉඩ තියෙනවා. මොකද ස්පර්ශය විසින් ශරීරය හා මොළය එතැනට ඇද දමනවා. මෙන්න මේ වගේ වෙලාවක ඒ සිදුවීම ස්ත්රී දූෂණයක් ද යන්න තීරණය කෙරෙන නීතිමය පදනම මොකක්ද?
No comments:
Post a Comment