Monday, April 7, 2025

අස්වැසුම නැතිව හඬන දේවී

 අස්වැසුම නැතිව හඬන දේවී










ත් පැටවු හීනවල පෙනේවී
හොඬ අගින් නෙළුම් මල් ගෙනේවී
ගලින් ගල පා තබා නැඟේවී
නැබෙන් ඇතුළට නොගොස් ඉඳීවී
නුඹේ කුස ගැබ යහන් කෙතේහී
පැළ වෙන්න බිජුවටක් නොවේවී
කඳුළු වැල් ඇස්වලින් වැටේවී
ඇත්පැටවු දුර ඈත ඇදේවී
දෙස් දෙවොල් හතර වට ඇසේවී
දොස් නුඹේ විතරක්ව පෙනේවී
අස්වැසුම නැතිව හඬන දේවී
දිනෙක ඒ හැමගෙ ඇස් ඇරේවී

No comments:

Post a Comment