මැරි... ලත් බෑ
දැන් ආයේ සුපුරුදු විදියට නේද? මළදා ඉඳන් මිනිය ප්රදර්ශනය කරගෙන කාගෙන බීගෙන දඟලගෙන....අන්තිමට කාපු බීපු අය පැත්තක. ගෙදර මිනිස්සු ණයත් වෙලා නට්ටම් වෙලා ඉවරයි.
පාලර් එකක මිනිය තියෙන ක්රමේ ආවයින් පස්සේ ඒ මහන්සිය හුඟක් අඩු වුණා. (එක්කො පැය 24 යි නැත්නම් පැය 48 !) පැකේජ් එකේ විදිහට තමන්ට ගැලපෙන එකක් තෝර ගන්ඩ පුලුවන්. මෙහෙම බලද්දී මුස්ලිම් අයගේ අවසන් කටයුතු කරන විදිහ තමයි හරිම ක්රමේ. මැරුනට පස්සේ මොන ප්රදර්ශන ද?
California වල අවමංගල්ය කටයුතු සිදුකරන විදිය ගැන විස්තරයක් මං ඔයාලට කියන්නම්.
California වේ අවමංගල්ය කටයුතු තීරණය වන්නේ පුද්ගලයාගේ ආගමික විශ්වාසයන් සහ මූල්ය තත්ත්වය මත.
කෙසේ වෙතත්, ආදාහනය (Cremation)අද වනවිට වඩාත් ජනප්රිය වෙලා. භූමදානයට (Burial) වඩා වැඩි කැමැත්තක් ඒකට තියෙනවා.
කොහොම වුණත් පොදු අවමංගල්ය විකල්ප (Common Funeral Options) කීපයක් තියෙනවා.
සාම්ප්රදායික අවමංගල්ය සේවය (Traditional Funeral Service) මෙහෙමයි.
මෘත දේහය ප්රදර්ශනය කිරීමේදී (Viewing) - පෙට්ටිය විවෘතව හෝ වසා තියන්න පුළුවන්.
විධිමත් අවමංගල්ය උත්සවයක් නම්
සැමරුම සඳහා සුසාන භූමියට ගෙන යාම සහ භූමදානය (Burial) හෝ ආදාහනය (Cremation) සිදු කිරීම මේ වැඩ පිළිවෙළට අයත් වෙනවා.
නිදසුනක් විදියට ඔබ අද මළොත්....... කියලා කියනවට ඔබ කැමති නෑ නේ. ඒක මං අද මළොත් කියලා කියන්නම්..... ඒ කියන්නේ ඔක්තෝබර් 17 මං මළොත් මේ විධිමත් ආකාරයේ අවමංගල්ය උත්සවයක් ගන්න පාලර් එකක ඉඩක් ගන්න සෑහෙන කාලයක් මට තනියම හීතලේ ඩීප් ෆ්රීසරයකට වෙලා ඉන්න වෙනවා. ඉතින් පාලර්වල තියලා මාව බලන්න එන්න කෙනෙක් නැති නිසා මං ඔය ප්රදර්ශනය තෝරගෙන නෑ. කොහොමටත් ලංකාවේ මළත් මං ප්රදර්ශනයට කැමති නෑ.
මෙහේ ආදාහනය (Cremation) කරනවා නම් විදි දෙකයි.
1.සෘජු ආදාහනය (Direct Cremation):
සරලම හා ලාභම විකල්පය මේක තමයි. මෙහිදී මෘත දේහය, කිසිදු උත්සවයකින් තොරව, මරණයෙන් පසු ඉක්මනින් ආදාහනය කරනවා. මේකට සාමාන්යයෙන් ඩොලර් දෙදාහක් තුන්දාහක් විතර තිබුණම ඇති. මට හොඳ මේ විදිය. (හැබැයි මං බොඩි ඩොනේෂන් වලට ලියාපදිංචි වුණා. එයාලා ඇවිත් අරන් යාවි.)
2. සේවාවක් සහිත ආදාහනය (Cremation with a Service):
ආදාහනයට පෙර මෘත දේහය ප්රදර්ශනය කිරීමක් හෝ පසුව අළු (ashes) සහිත සමරු සේවාවක් පැවැත්විය හැකියි. මේකට ඩොලර් දහ දාහක් විතර යනවා.
3. සමරු සේවාව හෝ ජීවිත සැමරුම (Memorial or Celebration of Life Service):
මෘත දේහය නොමැතිව පවත්වන සේවාවක්. මෙය ආදාහනයෙන් හෝ භූමදානයෙන් පසුව පැවැත්විය හැකියි.
භූමදානය (Burial) යේ විදි කීපයක් තියෙනවා.
1. මෘත දේහය සාම්ප්රදායිකව සුසාන භූමියක හෝ උඩු මහල් සුසාන ගෘහයක (mausoleum) තැන්පත් කිරීම.
2. හරිත භූමදානය (Green Burial): පරිසර හිතකාමී විකල්පයක් වන අතර, රසායනික ද්රව්ය හා ලෝහ පෙට්ටි භාවිතය වළක්වනවා.
ආදාහන අළු බැහැර කිරීම (Disposition of Cremated Remains)
අළු බැහැර කිරීම සඳහා විවිධ ක්රම තිබෙනවා
1. භූමදානය: අළු සුසාන භූමියක තැන්පත් කිරීම.
2. නිවසේ තබා ගැනීම: මේ සඳහා බලපත්රයක් අවශ්ය වෙනවා.
3. විසිරුවා හැරීම (Scattering): සුසාන භූමියක ඇති විශේෂිත උද්යානයක හෝ මුහුදේදී (වෙරළේ සිට යාර 500ක් දුරින්) විසිරුවා හරින්න පුළුවන්. පෞද්ගලික දේපලක විසිරුවා හැරීමට දේපල හිමිකරුගේ ලිඛිත අවසරය අවශ්ය වෙනවා.
පිරිවැය (Cost of Funerals)
California හි අවමංගල්යයක පිරිවැය වඩාත් ඉහළ අගයක් ගන්නා අතර, සේවා වර්ගය සහ ස්ථානය අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා. නගර ආශ්රිත ප්රදේශවල පිරිවැය ඉහළ යි .
රූපයේ තියෙන්නේ කැටයම් කිසිත් නැති හරිත මිහිදන් කිරීමක්!
No comments:
Post a Comment