කුණු කසළ ප්‍රශ්නය
කුණු කසළ ප්‍රශ්නයට අපේ රටේ හරි විසඳුමක් නැති බව ඇත්ත. දැන් නගර සභා වලින් සතියට දවසක් කුණු ගෙනියනවා. ඒවා තවත් තැනක කුණු කන්දකට එකතු වෙනවා ඇති.
එහෙම වුනත් ලැබී තිබෙන පහසුකම පාවිච්චි කරලා නගර සභාවේ කුණු ලොරියට කුණු ටික එකතු කරලා දෙන්නේ නැතිව මේ සියලු දේ වෙනත් ඉඩමකට දැමීමට හෝ පිළිස්සීමට මිනිස්සු කැමති ඇයි ?
...පොලිතින්, ප්ලාස්ටික්, කපු නොවන රෙදි කැබලි වැනි දේ පිලිස්සීමෙන් කොයි තරම් ශරීරයට අහිතකර ද්‍රව්‍ය පිටවෙනවද ? අපි හුස්ම ගන්නේ ඒවා සහිත වාතය නේද ? වස විස නැති කෑමම සොය සොයා යන මිනිස්සු ඇයි වස විස ඇති වාතය නහයෙන් උරා ගන්න ආස ?කම්මැලිකමද ???නූගත් කමද ???නොදැනුවත් කමද ?මේ පිළිස්සීම් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා පිළිස්සීම් වර්ග දෙකක් තිබෙනවා.
1. Incinerator එකක දහනය 2. විවෘත වාතයේ දහනය
මේ පළමු ක්‍රමය වියදම් අධික විශේෂ ස්ථානයක කළහැකි එකක්. එහිදී ඉතා ඉහළ උෂ්ණත්වයකටයි (>850C අංශක)දහනය කරන්නේ. එයින් ශක්තිය නිපදවා ගන්නත් පුළුවන්. ස්වීඩනයේ ගෘහස්ථ අපද්‍රව්‍ය 47%පමණ මෙසේ දහනය කර බලශක්තිය නිපදවා ගන්නවා. මෙහිදී පරිසර හානි අඩුයි.
නමුත් දෙවැනි ක්‍රමය තමයි බොහෝ දෙනා මේ සෑම තැනම පුළුස්සන ක්‍රමය. 300 C අංශක පමණ අඩු උෂ්ණත්වයකදී තමයි මෙහිදී ද්‍රව්‍ය දහනය වෙන්නේ.
පහළ උෂ්ණත්ව වල විවෘතව දහනය කරන කසළ වලින් පිටවන අපද්‍රව්‍ය අතර dioxins, අළු , furans, ක්ලෝරිනීකෘත hydrocarbons, carbon monoxide, lead, barium, chromium, cadmium, carbon dioxide, sulfur dioxide, arsenic or mercury. acid vapors සහ පිළිකා කාරක තාර (carcinogenic tars) ආදිය බහුලව තිබෙන්න පුළුවන්.
මේ ද්‍රව්‍ය ආඝ්‍රහණය කිරීමෙන් හිසරදය, ඔක්කාරය ,කරකැවිල්ල ,ඇස් දැවිල්ල වැනි ලක්ෂණ වල සිට පෙනහැලි විනාශ වීම හා පිළිකා වැනි දරුණු තත්වයන්ට පවා මුහුණ දීමට සිදුවෙනවා. මීට අමතරව සමේ රෝග,ඇස් වටා කළුපැහ වීම,අක්මාවේ දෝෂ ,ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වීම,අන්තරාසර්ග පද්ධතිය දුර්වල වීම,ප්‍රජනක පද්ධතිය නිසි පරිදි ක්‍රියා නොකිරීම නිසා වඳ භාවය හා ස්නායු පද්ධතිය දුර්වල වීම,ද Dioxin හා Furan නිසා සිදු විය හැකියි.
No comments:
Post a Comment