නුර් ජහාන්- මෝගල්
අධි රාජිණිය
දාහත්වන ශත වර්ෂයේ
ඉන්දියාවේ වඩාත් ප්‍රභල අධිරාජිණිය වුයේ නුර් ජහාන් . විශාල මෝගල් අධිරාජ්‍යයේ පෙර
නොවූ වීරූ චරිතයකටයි ඈ පන පොවා තිබෙන්නේ.
වර්තමානය වටහා ගැනීමට ඇගේ
නායකත්වය වැදගත් වන්නේ කෙසේදැයි යන්න ඉතිහාසඥවරියක වන රූබි ලාල් විස්තර කරනවා.
දහසය වැනි ශත වර්ෂයේ බලයට
පැමිණීමෙන් පසු මෝගල් වරුන් වර්ෂ 300ක් පමණ ඉන්දියානු අර්ධද්වීපය පාලනය කරනවා. මෙය ඉන්දියාවේ
විශාලතම සහ බලගතුම රජ පෙළපතක් වෙනවා. නූර් ජහාන් ඇතුළුව එහි අධිරාජවරුන් හා රාජකීය
කාන්තාවන් චිත්‍ර, සංගීතය හා ගෘහ නිර්මාණ ශිල්පයේ අග පැමිණියවුන් වෙනවා. ඔවුන් මහා නගර, මහේශාක්‍ය
බලකොටු,මුස්ලිම් පල්ලි හා සොහොන් ගෘහ නිර්මාණය කරනවා.
මෙම රජ පෙළපතෙහි එකම කාන්තා, පාලකවරිය
වශයෙන් නූර් ජහාන් නාමය ඉන්දියාව,
පකිස්ථානය හා බංගලිදේශයේ ජනප්‍රවාද වල ප්‍රචලිතයි.
ඇය පිලිබඳ කතා ගෘහාශ්‍රිතවත්, මෝගල්
යුගයේ,විශේෂයෙන් ඇගේ පාලන කාලය තුල ප්‍රධාන නගර දෙකක් වන උතුරු ඉන්දියාවේ
අග්‍රා හා පකිස්ථානයේ ලාහෝර් නගරවල ඇති ස්මාරක අසලත් බොහෝසේ කියවෙනවා. වැඩිහිටි
ගැහැණු පිරිමි,සංචාරක මග පෙන්වන්නන් හා ඉතිහාසය පිලිබඳ පණ්ඩිතයින් කියන කතා අතර
නූර් හා ජහන්ගිර් හමුවීම, ආලයෙන් බැඳීම, ඈ විසින් ඇතෙකු පිට නැගී වෙඩි තබා මිනී කන ව්‍යාඝ්‍රයෙකු මරා උගෙන්
පීඩා විඳි ජනතාව බේරා ගැනීම
ආදිය වෙනවා.
බොහෝ විට ඇගේ ආදර අන්දරයත්,කලාතුරකින් ඇගේ වීරත්වයත්
පිලිබඳ කතා මිනිස්සු අසා තිබුණත් ඇගේ සැබෑ ජීවිතය, දේශපාලනික විචක්ෂණ භාවය හා
බලගතු අභිලාෂයන් ගැන අසා ඇත්තේ අල්පයකි. අසාමාන්‍ය බලපෑම් වලට විරුද්ධව අධි රාජ්‍යයක්
පාලනය කරන ඇය චිත්තාකර්ශනීය කාන්තාවක් වෙනවා.. ඈ කවිකාරියක්,ප්‍රවීණ දඩයක්කරියක්, නව්‍ය
ගෘහ නිර්මාණ ශිල්පිනියක් වෙනවා.ඈ විසින් අග්‍රාහී සිය දෙමව්පියන් සඳහා සැළසුම් කළ
සොහොන් ගෙය පසුකලෙක ටජ්මහල් ගොඩ නැංවීම සඳහා අදහස් ලබා දෙනවා.
පුරුෂාධිපත්‍ය රජ කරන ලෝකයක
කැපී පෙනෙන නායිකාවක් වශයෙන් නූර් ඉදිරියට එන්නේ රාජ්‍යත්වයේ හිමිකමකින් නොවෙයි.
නමුත් ඇය සම ස්වෛරී ලෙස මෝගල් අධිරාජ්‍ය පාලනය කරමින් කෛරාටික පාලකවරියක ලෙසත්,Jahangir ගේ ප්‍රියතම
භාර්යාව ලෙසත් අධිරාජ්‍යයාගේ අන්තඃ පුරයෙන් ඉහළ තලයකට නැගී එනවා.
ස්ත්‍රීන්ට සමාජ අවකාශයේ
ඉඩක් නොතිබුණු අවධියක නූර් මෙතරම් බලවත් වුයේ කෙසේද ? ඇය හැදී
වැඩුණු වටපිටාව එයට ආධාර වුවා විය හැකිය. ඇය වටා සිටි ස්ත්‍රී පුරුෂ ආධාර කරුවන්, ඇය Jahangir, සමග
වින්දනය කල විශේෂ ජීවිතය ,ඇගේ අභිලාෂයන් ඇගේ මව්බිම හා එහි මිනිසුන් ඒ අතර වනවා.
අල් -හින්ද් ,අරාබීන් හා පර්සියානුවන්
දකුණු ඉන්දියාව ලෙස එකල හැඳින්වූ ඉන්දු ගඟට එපිට වූ භුමිය බහුවාර්ගික ,ධනවත් හා ඉවසිලිවන්ත එකක්
වූ අතර වෙනස් සිතුම්-පැතුම්,ආගම් හා පාරම්පරික සිරිත් එක්ව පැවතීමට ඉඩදෙනු ලබනවා.
කීර්තිමත් පර්සියානු
වංශවතෙකුට දාව කන්දහාර් (වත්මන් ඇෆ්ගනීස්ථානය ) සමීපව, 1557 දී නූර්
උපත ලබන අතර, සෆාවීඩ් රජපෙලපත යටතේ පැමිණි කරදර හමුවේ ඉරානයේ නිවස අතහැර වඩාත්
ලිබරල් වූ මෝගල් අධිරාජ්‍ය වෙත එනවා.
ඇගේ දෙමාපියන් උපන්
භූමියෙන් හා ඇය ඇති දැඩිවූ
භූමියෙන් සම්මිශ්‍රණය වූ සම්ප්‍රදාය තුළ හැදී වැඩුණු ඇය මෝගල් රාජ්‍ය
නිලධාරියෙකු හා හිටපු හමුදා නිලධාරියෙකු ද වන කෙනෙකු හා 1594 දී ප්‍රථම
වරට විවාහ වෙනවා.ඔහු සමග නැගෙනහිර ඉන්දියාවේ ධනවත් ප්‍රාන්තයක් වූ බෙන්ගාලයට යන ඇය
එහිදී සිය එකම දරුවාට උපත ලබා දෙනවා.
ජන්හිර් ට විරුද්ධ කුමන්ත්‍රණයකට
සම්බන්දවී යයි සැක පිට නූර් ගේ සැමියා අග්‍රාහී අධීකරණයට ගෙන එන මෙන් බෙංගාලයේ
ආණ්ඩුකාරයා විසින් අණ කරණු ලබනවා.නමුත් ආණ්ඩුකාරයාගේ රාජ්‍ය නිලධාරීන් හා ගැටී
නූර් ගේ සැමියා ඝාතනය වෙනවා. වැන්දඹු නුර්ට ජහන්ගිර් ගේ අන්තඃ පුරය තුළ රැකවරණය
ලැබෙන අතර පසුව එහි අනිත් අගනුන් විසින් ක්‍රමයෙන් ඇය විශ්වාස කරන්නටත් අගය
කරන්නටත් පටන් ගන්නවා.
1611 දී සිය 20වන හා අවසන් බිරිඳ වශයෙන් ජහන්ගිර්, නූර්
විවාහ කර ගන්නවා. 1614 සිට ජහන්ගිර් ගේ මතක සටහන් ඔහු හා නූර් අතර තිබු විශේෂ සබදතා පෙන්නුම්
කරනවා. ඔහු ඇය සංවේදී සහකාරියක් වශයෙන්,අනර්ඝ සත්කාර කන්නියක වශයෙන්,විශාරද උපදේශිකාවක් වශයෙන්,දක්ෂ දඩයක්කාරියක වශයෙන්, රාජ්‍ය තාන්ත්‍රිකාවක වශයෙන් හා කලාවට ආදරය
කරන්නියක වශයෙන් අගය කරමින් ඇගේ ආලේඛ්‍ය චිත්‍රයක් අදීනවා .
බොහෝ ඉතිහාසඥයන් කියන්නේ
මතට ලොල් වීම නිසා රාජ්‍ය කෙරෙහි යොමු වීමට සවිබල නැති වීමෙන් නුර්ට රාජ්‍ය පැවරූ
බව වුනත් එය සම්පුර්ණ ඇත්ත නොවෙයි. ඔවු, අධිරාජයා මත්ලෝලීයෙකි, කංසා
දුම් උරන්නෙකි.ඔවු ,ඔහු තම බිරිඳට ගැඹුරින්ම ආලය කරන්නෙකි. නමුත් නුර් රාජ්‍ය පාලකයා
වීමට එහි විශාල බලපෑමක් වන්නේ නැහැ.
ඇත්තෙන්ම වුයේ ඔවුන් දෙදෙනා
එකිනෙකා පිළිගැනීමයි. සම - ස්වෛරී ලෙස සිය බිරිඳගේ නැග එන බලපෑම අධිරාජයා කරදරයක්
ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ගේ විවාහයෙන් ඉක්බිතිව ඇය සිය ප්‍රථම රාජ්‍ය නියෝගය
පනවනවා.සේවකයෙකුගේ භුමි අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්. එහි අත්සන කියවෙන්නේ,Nur Jahan Padshah Begum ලෙස. එහි අර්ථය නූර් ජහාන් ,අධිරාජිනිය යන්නයි.
එය ඇගේ බලය වැඩි වෙමින්
පැවති බවට නිර්ණායකයක් වන අතර ඇගේ ස්වෛරීත්වය පිලිබඳ සංකේතයකි. 1617 දී
සංසරණය වූ රිදී හා රන් කාසි වල දී ඇගේ නම Jahangir, ගේ නමට විරුද්ධ පැත්තේ
තිබෙනවා. අධිකරණ ඉතිහාසඥයින්,
විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් ,වෙළෙන්දන් හා අමුත්තන් ඉක්මනින්ම ඇගේ අද්වීතීය තත්වය වටහා ගන්නවා.එක්
ඇමතියෙක් සිද්ධියක් විස්තර කරන පරිදි, පිරිමින්ට පමණක් සීමාවූ රාජකීය සඳලු තලයේ පෙනී
සිටිමින් ඇය බොහෝ දෙනා මවිත කරනවා. ඇගේ උදාර හැසිරීමේ එකම දෙය නොවේ මෙය. දඩයමෙදී වේවා, නියෝග හා
කාසි නිකුත් කිරීමේදී වේවා, රාජ්‍ය ගොඩනැගිලි සැලසුම් කිරීමේදී වේවා, දුප්පත්
කාන්තාවන්ට උදවු කිරීමේදී හා වරප්‍රසාද නොලත් අය නගසිටුවීමෙදී වේවා, නූර්
ගතකළ ජීවිතය එකල බොහෝ කතුන් අතර අසාමාන්‍ය එකක් වෙනවා.
ඇගේ සැමියා සතුරන්ගේ ග්‍රහණයට
නතුවූ අවස්ථාවක ඔහු බේරා ගැනීම සඳහා සේනා නායකත්වය සැපයීම ඇගේ නිර්භීත බව කියාපාන
අතර එය ඇගේ නාමය ජනතා සන්තානය තුල හා ඉතිහාසය තුළ නොමැකෙන සටහනක් තැබීමට සමත්
වෙනවා.
(02. 09 2018 දින පලවූ BBC ලිපියක
පරිවර්තනයකි. රූප : අන්තර් ජාලය )
No comments:
Post a Comment