Wednesday, September 12, 2018

ලෝකයේ සතුටින්ම සිටින රට


ලෝකයේ සතුටින්ම සිටින රට 

World Happiness Report අනුව ලෝකයේ රටවල් 156ක් අතරින් සතුටින්ම ජීවත් වන ජනතාව සිටින රට ලෙස  2018 වසර සඳහා පින්ලන්තය කිරුළු දරා සිටී. එසේ තේරීම සිදුකර ඇත්තේ නිර්ණායක 6ක් අනුවය. ඒවා නම් දල දේශීය නිෂ්පාදිතය,ආයු අපේක්ෂාව, සමාජයීය සහයෝගය ,කාරුණික භාවය,නිදහස හා දුෂණයෙන් තොර වීමයි.

පින්ලන්තයේ  5.5 මිලියන වන ජනතාව යුරෝපයේ අනික් රටවල ජනතාවට  වඩා වර්ග සැතපුමකට වැඩි  පුර
වනාන්තර ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. පරිසර තත්වය ඉතාම ඉහලය. තර්ජන මට්ටම ඉතාම අඩු වීම මේ රට ලෝකයේ ඉතාම සාමකාමී රටක් බවට පත්කර තිබේ.

මේ වර්ග කිරීමේ ඊළඟ රටවල් නවය වන්නේ 2. නොර්වේ 3. ඩෙන්මාර්ක් 4. අයිස්ලන්තය 5. ස්විස්ටර්ලන්තය 6. නෙදර්ලන්තය 7. කැනඩාව 8. නවසීලන්තය 9. ස්වීඩනය හා 10. ඔස්ට්‍රේලියාවයි. . ශ්‍රී ලංකාවට මෙහි  හිමිව ඇති තත්වය 116 වේ. දුෂණය ඉහ වහා ගිය අපේ රටට මෙයට වඩා තත්වයක් ලැබිය නොහැකි වනු ඇත.

Photo by axell dotcom on Unsplash

No comments:

Post a Comment