දිස්ත්‍රික්ක කෝටාව සොරකම් කිරීමේ පාපය
දැන් AL 2018 ප්‍රතිඵලත් ආව නේ? ඒ නිසා මේ කතාවට පසුබිම කාලීනයි. මං මේ ලියන්නේ මට හිතෙන දෙයක්. ඒක ඔප්පු කරන්න කියල සංඛ්‍යා ලේඛන මට නැහැ. නමුත් අත්දැකීම් තියෙනවා. .
මෙන්න මේකයි මගේ ප්‍රශ්නය. දැන් නිදහස් අධ්‍යාපනය හැමෝටම ලැබෙනවනේ? ඉතින් ඔබ කියාවි ' නෑ නෑ කොච්චර ළමයි International school යනවා ද ?' කියලා. ඔව් යනවා. ඒ ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා ද? එහෙනම් ඇයි සමහර ආණ්ඩුවේ ඉස්කෝල එක ළමයෙක් වත් ඇතුල් නොවුන නිසා වැහිලා ගියේ?
එහෙනම් ආණ්ඩුවේ ඉස්කෝල නැති නිසා නෙවේ ළමයි ජ්‍යාත්‍යන්තර/පුද්ගලික ඉස්කෝල වලට යන්නේ? එහෙනම් ඇයි ? මොකක්ද හේතුව. ගමේ ඉස්කෝලෙට දරුවා යවන්න කැමති නෑ. ඒවා පුංචියි. සමහර විට හරක් ගාලක තරම්වත් පහසු කම් නෑ. රජය පහසුකම් දීල සියළු පාසල් සම තත්වයට ගේන්නේ නෑ. රජයට මුදල් නෑ. ඒවාට දරුවෝ යවන දුප්පත් දෙමාපියන්ට මුදල් නෑ පාසල දියුණු කරන්න. ලොකු ලොකු ආදී ශිෂ්‍ය සංගම් නැහැ. ඉගෙන ගෙන තැනකට ආපු ආදී ශිෂ්‍යයෙක් හිටියත් ඔහුත් බොහෝ විට මුල අමතක කරලා.
හැම තැනම කොළඹ රාජකීය හෝ විසාකා හෝ වෙනත් නගරයේ ලොකු පාසලක තියෙන දේවල් නෑ.
ඔක්කොටම වැඩිය ගමේ ඉස්කෝලෙට එවන්නේ ගොඩේ බයියන්ගේ දරුවෝ. 'අපේ දරුවෝ උන් එක්ක හිටියොත් නරක් වෙනවා.' ලොකු ඉස්කෝලවල ඊට හපන් අයත් ඉන්නවා කියල මේ අය දන්නේ නැහැ. දැන ගන්නකොට අස්සයා පැනල ගිහින් ඉවරයි.
කොහොම වුනත් හැම දෙමව්පියෝම බලන්නේ හොඳම දේ තමන්ගේ දරුවාට දෙන්න. මෙන්න මේ දරු කැක්කුම ලොකු ඉස්කෝල දියුණු කරගන්න හොඳින්ම යොදාගන්න පාසල් පාලනය දන්නවා. දෙමව්පියන්ටත් දෙන්න යම් හෝ හැකියාවකුත් තියෙනවා. නැත්නම් තියෙන තැන්වලින් ලබා ගන්න විවිධ හැකියා තියෙනවා. ඉතින් ලොකු ඉස්කෝල ලොකුයි. ඒවායේ ලස්සන ගොඩනැගිලි, පිහිනුම් තටාක,ක්‍රීඩා සංකීර්ණ, විද්‍යාගාර විතරක් ද ආදී ශිෂ්‍ය සංගම් ගොඩනැගිල්ල පවා අති සුඛෝපබෝගී විදියට තියෙනවා. මේවා දැක්කම දෙමව්පියන්ගේ ඇස් නිලංකාර වෙනවා. මේ පාසල් වල ඉගෙන ගත් අය රටේ ලොකු ලොකු තැන්වල ඉන්නවා. මේවායේ ඉගෙන ගත් විට ලොකු තැනකට එන්න පුළුවන් කියල මතයක් ගොඩනැගිල තියෙනවා.
ඔහොමින් ඔහොම ගමේ පුංචි පාසල් එක තැනම තමයි හැමදාම. ඉතින් උසස් පෙළ දක්වා ගියහම දුෂ්කර දිස්ත්‍රික්ක කෝටාව කියල එකක් එනවා, දුෂ්කර දිස්ත්‍රික්ක වලින් උසස් පෙළ සමත් දරුවන් විශ්ව විද්‍යාල වලට තෝරා ගැනීමේදී අඩු z අගයක් සලකා බලන එකයි මෙහිදී වෙන්නේ. සම අධ්‍යාපන මට්ටම ඇති කරලා මෙය අයින් කරනවා කියලයි මේක ඇතිකරනකොට කිව්වේ. දශක ගණනාවක් ගියා දැන් . සම අධ්‍යාපන අවස්ථා ළගා වෙන්න බැරි හීනයක්.
මෙන්න මෙතෙන්දි මේ කෝටාව ලබා ගන්නේ අර ගොඩේ බයියන්ගේ දරුවෝ ද ? වෙනත් විදියට කිව්වොත් දුප්පත්ම දෙමව්පියන්ගේ දරුවෝ ද ? මේ ප්‍රශ්නය වඩා අදාල වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු ඉහළ z අගයන් අවශ්‍ය විෂය ධාරා වලින් පෙනී සිටින දරුවන්ට. හුගාක් දුෂ්කර ප්‍රදේශවල දරුවෝ කරන්නේ කලා විෂය ධාරාව.විද්‍යා විෂය ධාරාවට පහසු කම් අඩුයි. ඒ දරුවොත් දෙමව්පියොත් බයයි දරුවන් ඒ අංශ වලින් ඉගෙන ගන්න යවන්න. එහෙම මානසික තත්වයක් ඇති කරලා තියෙනවා.
විද්‍යා ,ගණිත අංශ වල ඉගෙන ගන්න දරුවන්ගේ දෙමව්පියෝ වැඩි දෙනෙක් අර ගොඩේ බයියො නෙමේ. එක්කෝ යම් මට්ටමක ව්‍යාපාරිකයෝ, විදුහල්පතිවරු, වෛද්‍යවරු ගුරුවරු වගේ අය. ඒ දිස්ත්‍රික්කයේ තියෙන හොඳම පාසලේ තමයි මොවුන් ඉගෙන ගන්නේ. සමහරු හිතා මතා සැලසුම් කරලා මේ දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට දරුවා ඇතුල් කරනවා. සමහර විට පාසල් නාම ලේඛනයේ නම තිබුනත් නම හැමදාම ලකුණු වුනත් ළමයා ඇත්තටම පාසල් ගිහින් තියෙන්නේ හරිම අඩුවෙන්. ඔවුන් දෙමාපියන් විසින් අග නගරයේ හෝ වෙනත් නගරයක් ආසන්නයේ බෝඩිම් කර හෝ කුලී නිවාස අරන් නැවතිලා පුද්ගලික පන්ති වල ඉගෙන ගන්නවා. පසු ගිය අවුරුද්දක මෙහෙම නාම ලේඛනය විතරක් තිබුණ පන්තියක්ම අහු වෙලා ප්‍රශ්නයක් ඇති වුණා මතකයි.ඒවා කොහොම විසදුණා ද දන්නේ නැහැ.
ඉතින් මේ විදියට ඉගෙනගෙන අර දුෂ්කර දිස්ත්‍රික්කයෙන් විභාගයට විතරක් පෙනී ඉන්නවා. මේ විදියට ඉගෙන ගන්න යවන්න බැරි දුප්පත් ගොවි කම්කරු ජනතාවගේ දරුවොත් යම් සංඛ්‍යාවක් ශිෂ්‍යත්වය සමත්වීම නිසා හෝ පාසල ආසන්නයේ පදිංචිය නිසා හෝ මේ පාසල් වල ඉගෙන ගන්නවා. නැත්නම් ඊටත් ඈත දුෂ්කර පාසල් වල ඉගෙන ගන්නවා. මේ දරුවෝ බොහෝවිට දුෂ්කරතා මැද, හරියට කන්න,අඳින්න නැතුව, හරියට ප්‍රවාහන පහසුකම් නැතුව, ලෙඩට දුකට නිසි ප්‍රතිකාර නැතුව, පොත පත නැතුව, අන්තර්ජාල පහසුකම් නැතුව,ගුරුවරු නැතුව, විදුලිය නැතුව, බොන්න වතුර ටික පවා නැතුව, වන අලි ප්‍රහාර වලට මුහුණ දීගෙන ඉගෙන ගෙන මේ දිස්ත්‍රික්කයෙන්ම විභාගයට පෙනී ඉන්නවා. ප්‍රතිඵල ලැබෙනවා. කවුද සමත්? කවුද විශ්ව විද්‍යාලයට තේරෙන්නේ? කවුද වෛද්‍ය වරයෙක් ඉංජිනේරුවෙක්, පරිගණක විද්‍යාඥයෙක් වෙන්නේ ? ඉතින් දුෂ්කරතා විඳින දරුවන්ගේ වරප්‍රසාදය බුක්ති විඳින්නේ කවුද ?
ඔන්න මං මගේ ප්‍රශ්නය ඔබ හමුවේ තැබුවා. මට මේ ගැන පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.
'නිදහස් අධ්‍යාපනයෙන් නැත්තන්ට දී තිබෙන වරප්‍රසාදය භුක්ති විඳින්නෝ ඇත්තෝමය.'
තරමක් ප්‍රමාද වෙලයි Blog සටහන කියෙව්වේ. ඉතා හොඳ විග්‍රහයක්.
ReplyDelete'නිදහස් අධ්‍යාපනයෙන් නැත්තන්ට දී තිබෙන වරප්‍රසාදය භුක්ති විඳින්නෝ ඇත්තෝමය.' යන කොටස නම් ටිකක් තද වැඩි වගෙයි. 'වරප්‍රසාදය සමහර විට භුක්ති විඳින්නෝ' කීවා නම් ගැලපීම වඩා හොඳ වගෙයි පෙනෙන්නේ. කොළඹ, මහනුවර, ගාල්ල ආදී නගර වලින් පිට පලාත්වල තිබෙන, නිදහස් අධ්‍යාපනයේ කෙන්ද්‍රස්ථාන වන මුල් මධ්‍ය විද්‍යාල 54 න් 30 ක් පමණ තවමත් ඉතා හොඳ මට්ටමක තිබෙනවා. මේවායින් විශ්ව විද්‍යාල වල සෑම අංශයකටම වාගේ සිසුන් ඇතුල් වෙනවා. මේ අයගෙන් සැලකිය යුතු පිරිසක් පෞද්ගලික පන්ති වලටත් යනවා ඇති. මා දන්නා තරමට විශ්ව විද්‍යාල ඇතුලත් වීමේදී සාමාන්‍ය පෙළ සඳහා ඉගෙනගත් පාසලත් සලකා බලනවා. දැනට දශක දෙකකට පමණ ඉහතදී තිබුණු මෙම අවශ්‍යතාවය දැන් අත්හැරදාලාද දන්නේ නැහැ. කොහොම වෙතත් දෙමාපියන්ගේ ආකල්ප නිසාත්, ඔබ සඳහන් කර තිබෙන පරිදි 'හොඳම දේ දරුවන්ට ලබාදීම' යයි සිතා සමහර දෙමාපියන් මුලාවීම නිසාත් මේ තත්වය උදාවී ඇති බවයි මගේ හැඟීම.
Sir,Thank you for the reply...I will write a detail reply later.
DeleteI am glad I found your blog. I too agree with your view and actually wrote somewhat similar post https://deepthidonkor.blogspot.com/2019/09/blog-post_17.html
ReplyDeleteThank you for the comment. I read your blog post, relevant to this topic. Now I am one of your followers.
Delete