Monday, December 31, 2018

නව වසරක් .....

නව වසරක් .....

ලොව කැරකුණි දවස් ගෙවුණි 
හිරුත් සඳුත් විත් හිනැහුණි 
ආයෙත් තව අවුරුද්දක් 
එන්න එබෙනවා 

හිරුට සඳුට අපට හොරා 

කාලය යයි ඉගිල්ලිලා 
ජීවිත ගමනේ තවලම 
තාම ඇදෙනවා 

කාලය නුඹ කවුරු වැනි 

යන්නේ ඇයි මේ නොපෙනී 
ගෙවී ගියපු හැම මොහොතම 
මතක පොතේ හීන වුණි 

කාල මගේ එක තැනකදී 
හීන පෙලට තිතක් තියා 
ඉඩදී අන් අයට යන්න 
අපි නවතිනවා 

එතෙක් ඉතින් අපි එකතුව 
එකිනෙකාට සුබ පතමින් 
මේ දින එළඹුණු දවසට 
අපි හිනැහෙනවා 

2 comments:

  1. නව වසරේ සුබ පැතුමන්
    හරිම අගෙයි සිත් පිනවයි
    ජීවිතයත් මිරිඟුව මෙන්
    පෙනී වහා වියැකෙනවා

    ReplyDelete
    Replies
    1. පැරණි මතක හීන අතර
      ඔබ සැවොමත් රැඳෙයි නිතර
      මේ තුති මල් පුදන අතර
      සුබ වේවා ඉදිරි වසර

      Delete