Tuesday, December 11, 2018

පුංචි මුනුබුරුගෙ පාසල ඇරිලා

පුංචි මුනුබුරුගෙ පාසල ඇරිලා 


රෑනින් රෑන එන
පුංචි පුංචි කුරුළු පැටව්
නොනවතින කිචි බිචිය
පාසල් ගේට්ටුව ළඟ

ඇදෙයි දුබල ගත
සැලෙයි අත රැඳී කුඩය
ඒත් සොයයි උකුසු ඇස
පුංචි මුනුබුරු කොහේදැයි

සැම පැත්තටම
ඇතුළ සිට පිටට
පිට සිට ඇතුළට
බලාපොරොත්තුවේ දෑස

පුංචි සිනා කට දුව එයි ළඟටම
'සීයේ.....'
ගීලුණු දැස් තුළ දිස්නය දෙයි සතුට
දියබිඳු වගේ ළිං පතුළක දිළෙන

'යං පුතේ අපි ගෙදර'

2 comments:

  1. ජීවිතයේ සැඳෑ සමය
    සුවදායක වී ඇත්තේ
    කුඩා එවුන් පිරිසකගේ
    සෙනෙහස ඇති 'සීයාටයි' !

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි කොමෙන්ටුව
      ලස්සනයි, ඒ ගැන
      සෙනහසින් පිනමන
      තුති කුසුම් පිළිගන්න.

      Delete