Monday, December 3, 2018

මිනිසා මැවූ පරිසරය

මිනිසා මැවූ පරිසරය 


දකිමි මම පරිසරය
අප අවට පරිසරය
විස්කම් දැකුමකි ඒ
මිනිසා මැවූ පරිසරය

සුනිල්වන් වනය සිඳ 
ඉඳි කෙරුණු මහ මැදුරු බිත්ති වල 
ගොඩ ගැසී තිබෙන්නේ 
මිහි පහණෙන් බිඳුණු 
නෙක නෙක පමණින් යුත් 
කැට කැබලිතිය 

ඒ මැදුරු කවුළු දොර 
මල්කම් කළ ලීයෙන් ද 
නිමාවී තිබෙන්නේ ?
ඔව් ,මහ වනේ තුරු සතුවූ 
මහ කඳන් ,අතු පතර 

මග දෙපස කුළුණු මත 
රෑ අඳුර කපාගෙන 
දිලෙන්නේ වීදුරු බුබුළු තුළ 
ගංගා, ඇළ, දොළ,විල්හි 
පිරුණු සිහිල් දිය බිදුය.

විදුලි වේගෙන් මග දිවෙන 
සුව පහසු රිය තුළ 
දැවෙන්නේ දුම් දමමින 
පෙර විසු තුරු ලතා 
හෙළූ උණු කදුළු තෙල්යැ !

2 comments:

  1. අප කන බොන සියල්ලේ
    අයිතිකරු පරිසරයයි,
    එහෙත් නැත පිලිසරණක්
    එවන් වටපිටාවක් වෙත

    කපන තුරු මහ ගසක්
    එය කපන මිනිසාට
    සෙවන දෙන වෙන දෙයක්
    නොමැත එම ගසම මිස.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට, රස වින්දාට මගේ නිර්මාණය ...ඔබේ කවි පිළිතුරත් නියමයි .

      Delete