පුංචි මල් කැකුළක
හදවත නතර වනු දැක
මිරිකුණු හදවතක
නෙතු අග රැඳුණු කදුළක
යන්නට දොර පිළට
තැනක් තිබුණෙම නැද්ද
නුඹ හට
නයි ගහන වදුලක
ලගින්නට වුණෙ
කුමන පවකට
දුක සදා දුකමය
එනමුත් මේක වෙනමය
ලොවේ සැප ගහනය
නුඹට සිදුවුනෙ
කුමන කරුමය
ළමුන් හඬන හඬ රැව් දුන්නද දසතේ
නයින් පැමිණ විස දළ තැබුවත් සුරතේ
දුකින් දුකට ගෙනයන උරුමය පැවතේ
මෙවන් බිමක් කුමකට පවතිද දියතේ
නයින් නපුරු මුත් කැලයේ සිටින්නේ
අලින් වුනත් නිකමට නෑ එබෙන්නේ
රුපුන් සැවොම අප අතරෙයි සිටින්නේ
ඉතින් කවදා ද අප හිරු දකින්නේ
© 2020 Malini Ganewatta
Thanks to Trym Nilsen.....
No comments:
Post a Comment