State House
සැප්තැම්බර් 29 දා උදේ පුතාල විශ්ව විද්‍යාලයට ගියා. අපි
විවේක ගත්තා.
හරිම වැඩක් එදා වුණේ.
ගෙදර fire alarm එක නද දෙන්න වුණා. අපි නම් මොනවා වත් කෑමක් වත්
පිළියෙළ කරන්න ගියේ නැහැ. අපි බය වෙලා පුතාලට ඇමතුම් ගත්තා. අපට ඇතුළට වී
සිටින ලෙස උපදෙස් දුන්නා. පසුව කවුරුන් හෝ
දැන්වීම නිසා වෙන්න ඇති ගිනි නිවන ඒකකය ඇවිත් එය නිවැරදි කළා. නිවාස සංකීර්ණ වල එක
යුනිට් එකක කිසියම් ගින්දර සම්බන්ධ අසාමාන්‍ය දෙයක් වුණොත් මේ විදියට හදිසි සීනු
නද දෙනවලු. එහෙම උනාම ආරක්ෂාව උදෙසා ඉවත් වෙන්න වෙනවලු. එදා නම් යම් ඒ පද්ධතියේ
කිසියම් වරදක් නිසා එසේ වන්න ඇති බවයි
තේරුණේ.
පසුදා උදෑසන අපි
කුපර්ද සමග ඇවිදින්න ගියා. ඒ නිවාස
සංකීර්ණය අසලම උද්‍යානයට තමයි අපි ගියේ. ඒ
උද්‍යානයෙ ප්‍රදේශයට ආවේනික විශාල ගස් වගෙම මලින් පිරුනු නොයෙක් පදුරු වර්ගත්
තිබුණා. කාලගුණය ඉතා සැපවත්
බව දැනුනා. සෙල්සියස් අංශක 20ක
පමණ උණුසුමක් තිබුණේ. ඇවිදලා ඇවිත් ස්නානය කරලා උදේ ආහාරය ගත්තා. ඉන්පස්සේ Smoky Mountains ගැන ඩොකියුමෙන්ටරියක් නැරඹුවා.
Apartment එකේ හිරවී ඉඳීම සමග
ඇතිවෙන කම්මැලි කම යන්න චිත්‍ර අඳින්න පුළුවන් කිව්වම නදී දුවගේ පාට හා පින්සල් මට
ලැබුණා. ඊළඟට මං කළේ අවට
පරිසරය චිත්‍රයට නැගීම. මුලින්ම අඳින්න ගත්තේ දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාලය අපි
සිටින නිවාස සංකීර්ණයට දර්ශනය වන ආකාරය. චිත්‍රයේ කොටසයි අවසන් කළේ. ඉතිරි කොටස
සෙනසුරාදා අඳින්න කල් තියලා නදී දුවට
දිවා ආහාරය පිළියෙළ කරන්න උදව් වුණා. දිවා ආහාරයෙන් පසු කෙටි නින්දක් අරන් නදී හා ඇගේ
මව සමග සාප්පු සවාරියක් ගියා. ගෙදරට අවශ්‍ය සාමාන්‍ය දේවල් ටිකක් මිලදී ගත්තා.
මගේ චිත්‍රය
පසුද උදෑසන අවදිවීමෙන් පසු ඇවිදින්න ගිහින් ඇවිත් චිත්‍රය
අවසන් කළා. දිවා ආහාරයෙන් පසු The State House
of South Carolina බලන්න
ගියා. ලස්සනට පිළිවෙලට නඩත්තු කළ තැනක්. මෙය දකුණු කැරොලයිනා ප්‍රාන්ත රජයේ ආණ්ඩුව
පවත්වන ස්ථානය. මෙහි රාජ්‍ය සැසිවාර පවත්වන ස්ථානයත් ආණ්ඩුකාර වරයාගේ හා සෙසු
නිලයන්ගේ කාර්යාලත් පවතිනවා.
අපි ඒ අවට මනරම්
ස්ථානවල ඉඳන් පින්තූර ගත්තා. එදාම අපි දකුණු කැරොලයිනා විශ්ව විද්‍යාල පරිශ්‍රයටත්
ගියා. එය ඇත්තෙන්ම ගම්මානයක් තරම් විශාල භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ගිය එකක්. රාත්‍රී ආහාරයෙන්
පසු බලු සුරතලෙකු පිලිබඳ කතාවක් බලලා නින්දට ගියා.
University of South Carolina
මේ විදියට ඉදිරි දින
කිහිපය ගෙවී ගියා. එනම් ලංකාවත් මෙහෙත්
අතර දිවා රෑ වෙනස නිසා අපිට මෙහේ රෑට නින්ද නොයාමත් දවල් කාලයේ අධික නිදිමත
දැනීමත් කියන (Jetlag) තත්වයෙන් මිදිලා අපි
අලුත් තත්වයට කෙමෙන් හැඩගැසෙමින් සිටියා. වරින් වර, Best Buy, Walmart, වගේ සාප්පු සංකීර්ණ
වලට ගියා. විවිධ සාප්පු,
රෙස්ටෝරන්ට්
ආදිය එකට තියෙන විශාල shopping
mall වලටත් ගියා. ඒවායේ එක් පැත්තක සිට අනික් පැත්තකට
ගියොත් අතර මං වෙනවා. දුරකථන ඇමතුමක් දීල තමයි අනිත් පිරිස හොයා ගන්න වෙන්නේ. Best Buy එකෙන් මිත්‍ර පුතා කැමරාවක් මිළදී
ගත්තා. ඉදිරි අපේ සංචාරවල ඡායාරුප ගන්න. Walmart
එකෙන් මටත් අක්කාටත් අවශ්‍ය සුවඳ විලවුන් ගත්තා. ලංකාවේ කීල්ස් එකට කාගිල්ස් එකට
හුරු අපට ඒ සාප්පු සංකීර්ණ හරිම විශාලයි කියල තේරුණා. කොහොමත් දුපතක හිරවෙලා ඉන්න
අපිට මෙහි හැමදේම විශාල බව අමුතුවට දැනෙන්න ගත්තා. පාරවල් ඒ කියන්නේ Highways වල මං තීරු හයක් විතර තියෙනවා. වාහන මං
තීරුවල සංයමයෙන් ධාවනය වෙනවා. නලා හඬවන්නේ අත්‍යවශ්‍ය අනතුරක් හඟවන්න විතරයි. හැම විටම මාර්ග සංඥා
නිසි පරිදි ක්‍රියාත්මක වුණා. ට්‍රැෆික් පොලිස් භටයෝ හස්ත සංඥා දෙමින් ඉන්නවා නම්
දැක්කේ නැහැ. අපි මෙහෙදී මෝටර් රථ වලට බයේ ඉඩ දෙනවා වුණත් එහේදී මෝටර් රථ අපට
(මගීන්ට) බයේ ඉඩදෙනවා කියලයි මට පෙනුණේ. මෙයින් අදහස් වන්නේ නැහැ ඇමරිකාවේ රිය
අනතුරු නැහැ කියල. බීමත්කම,
අධික
වේගය වගේ දේවල් නිසා රිය අනතුරු වෙනවා. අනතුරකදී වහාම අවශ්‍ය ප්‍රථමාධාර, රෝහල් ගත කිරීම් ආදියත් කඩිනමින්
සිදුවෙනවා.
No comments:
Post a Comment