Monday, November 23, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - Road Trip – Day 06/07

 




පසුදා උදෑසන පිටත්වී උතුරු  කැරොලයිනා ප්‍රාන්තයට ආවා. අපි එහිදී  ස්වභාවික විද්‍යා කෞතුකාගාරය The North Carolina Museum of Natural Sciencesබලන්න ගියා. මේ ප්‍රාන්තයේ පැරණිම කෞතුකාගාරය වන මෙය ගිනිකොණ දිග එක්සත් ජනපදයේ විශාලතම මේ ආකාරයේ කෞතුගාරය වෙනවා. අවුරුද්දකට මිලියන 1.2 පමණ සංචාරකයන් මෙය නැරඹීමට පැමිණෙන බව වාර්තා වෙනවා. මෙය භුමි භාග තුනක පැතිරී ඇති ප්‍රධාන කොටස් හතරකින් යුතු වෙනවා. රජයට අයත් භූ ගර්භ විද්‍යාත්මක හා කෘෂිකාර්මික නිදර්ශක  එකතුවක් සම්බන්ධ කරමින් මෙය නිර්මාණය කර ඇත්තේ 1879දී. වසර ගණනාවක් තිස්සේ විවිධ ආකාර වලින් දියුණුවට පත් මේ ස්ථානය 1986දී North Carolina State Museum of Natural Sciences ලෙස නම් කර තිබෙනවා. 2015 වසර දක්වාම දිගින් දිගටම නවීකරණයන් සිදුකර තිබෙනවා. මේ වන විට මෙහි සත්ව ශාක පමණක් නොව භූගර්භ විද්‍යාත්මක නිදර්ශක මිලියන 1.7ක එකතුවක් තිබෙනවා. අපි මෙහි සත්ව ශාක නිදර්ශක ඇති කොටස් වල වැඩි වෙලාවක් ගත කළා.












අපි උතුරු  කැරොලයිනා හි පන්සලටත් ගියා. එහි නායක ස්වාමින් වහන්සේ වජිරපාල හාමුදුරුවෝ හඳුනා ගත්තා. උන්වහන්සේ අප වෙනුවෙන් පිරිත් සජ්ජායනයක් ද කළා. එදින රාත්‍රී ආහාරය සඳහා චුටි පුතාගේ යහළුවෙකු වන සත්‍යා ගේ නිවසට ගියා. ඔහු බිරිඳ හා කුඩා දරු දෙදෙනා අප ඉතා ආදරයෙන් පිළිගෙන සංග්‍රහ කළා. රාත්‍රිය ගත කලේ හෝටලයේ.

පසුදා අපි චාරිකාව අවසන් කර නැවත දකුණු කැරොලයිනා නිවසට ආවා. දිවා ආහාරය පිළියෙළ කර එය බුක්ති වින්දා. ඊළඟ දවසේ රාත්‍රී ආහාරය සඳහා චුටි පුතාලගේ සරසවි මිතුරිය මුදිතා ගේ නිවසට ආරාධනයක් ලැබී අපි කවුරුත් එහෙ ගියා. දින කිහිපයක් සාමාන්‍ය පරිදි ගෙවී ගියා.

 ඔක්තෝබර් 18 වනදා උදේ අපි University of South Carolina  හි චුටි පුතාලගේ කාර්ය මණ්ඩලය හමු වෙන්න ගියා. මිත්‍ර ගේ උපදේශක මහාචාර්ය ටැං හමු වුණා. ඔහු ඉතා නිහතමානී පුද්ගලයෙක්. අප සමග අදහස් හුවමාරු කර ගත්තා. ආචාර්ය ස්ටේෆින් නදීගේ උපදේශක හා ආචාර්ය වැන්ග් ද හමු වුණා.

චුටි පුතාගේ විද්‍යාගාරයටත් ගියා. පසු දින කිහිපයේ උදේ ඇවිදින්න ගියහම ශරත් වර්ණයගෙන් විචිත්‍ර වූ ශාක පත්‍ර කිහිපයක් එකතු කර ගෙන ඇවිත් ඒවා චිත්‍රයට නැගුවා. ඊළඟ දවසේ මිත්‍ර මිනසෝටා විශ්ව විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වෙන්න පිටත්ව ගියා. මං බිම්මලක් හා තව නිදර්ශක කිහිපයක චිත්‍ර ඇන්දා. නදී දුව සමග සාප්පු ගියා. අවශ්‍ය දේවල් කිහිපයක් මිළදී ගත්ත. 

21දා නදීගේ අම්මා තරමක් අසනීප වුණා. මං දිවා ආහාරය පිළියෙළ කළා. අන්නාසි මාශ්මෙලෝ පුඩිමක් ද හැදුවා. චූටි පුතා  මිනසෝටා විශ්ව විද්‍යාලයේ පශ්චාත් ආචාර්ය උපාධි කටයුතු වලට තේරුණු බවට සතුටුදායක ආරංචිය ලැබුණා.



No comments:

Post a Comment