Thursday, November 12, 2020

සීතලයි මේ පාළු ජීවිතය

 











හරිම සීතලයි නේද මේ පාළු ජීවිතය 

හිතුවොත් හරියට ග්ලැසියරයක් වගේ 

මිදෙන්නට කියල තව දෙයක් නැති  

කාලෙකට කලින්  මිදී ඉවර වුණු 


ඈත සීතලම සීතල දුරු රට  සිට 

උතුරු සුළඟ හමා එන වෙලාවල්වල 

ගුලිවී ගොරහැඩි පොරෝනයකට 

ඇගේ සුදු මුදු  සුමුදු පහස පැතුවද 


ඇයත් තරහ  වෙලා වගෙයි දැන්  දැන්  

ඈතට ගිහින් ඔච්චම් කරන්නේ මට     

නොනිදා ගෙවෙන මේ පුංචි තත්පරය 

කල්ප කාලයක්  වගේ දැනෙන්නේ කිම 


ලෝකය හරිම පුංචි තිතක් වෙලා දැන් 

හතර වට හැමතැන බිත්තිවලින් වටවුණ

බිත්තිවල නෑ කිසිම එළියක් , දිස්නයක් 

කවුළුවෙන් එපිට බැලුවත්  ගනඳුර පමණමය .  

No comments:

Post a Comment