Saturday, November 7, 2020

COVID 19 ට මුහුණ දීම සඳහා ශරීර ප්‍රතිශක්තිය නංවා ගැනීම

 


 

 

 






මේ ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ  කරනු මේ දිනවල දකින්නට  ලැබේ. ශරීර ප්රතිශක්තිය වැඩි කර ගැනීමට ගතයුතු ක්රියා මාර්ග කිහිපයක් පහතින් දක්වමි.

1. පෝෂණය

 පෝෂණය ඉතාම වැදගත්වේ. මන්ද පෝෂණයෙන් පෙළෙන පුද්ගලයින් බෝවන රෝග වලට ගොදුරු වීම වැඩිය. විශේෂයෙන්ම ප්රෝටීන කැලරි මන්ද පෝෂණය මේ සඳහා බලපායි. රට තුළ මේ මොහොතේ බලපා ඇති තත්වය හේතුකොටගෙන   රැකියා/ව්යාපාර අහිමි වීම ආදිය නිසා පවුලේ අදායම් අඩුවී තව දුරටත් දරිද්රතාවයට පත් පවුල් ඒකක තුළ පෝෂණ අඩුපාඩු ඇතිවීම නොවැළක්විය හැකිය. මත්ස් පරිභෝජනය නැති වී යාම එක්පැත්තකින් එම ව්යාපාරය පැත්තෙන්ද අනික් අතින් පවුලේ ප්රෝටීන  සැපයුම අඩුවීමෙන්ද රට ව්යසන කාරී තත්වයකට ඇද දමා තිබේ. එළවළු ටොන් ගණන් කුණුවී විනාශ වී යනු දක්නට ලැබෙන අතර නාගරික වැසියන්ට ඒවා දකින්නට නැති තත්වයක් උද්ගතව තිබේ.

ක්ෂුද් පෝෂක වන විටමින් A, D, C, E, B6, හා B12  folate , zinc, iron, copper, and selenium වැනි ඛනිජ ප්රතිශක්තිය කෙරෙහි බලපෑම් දක්වයි. ඒවා අඩංගු ආහාර ගැනීම අවශ් වේ. විටමින් D හා COVID 19 වලට ගොදුරු වීම අතර සම්බන්ධයක් ඇති බව සඳහන් වේ.  ජනතාව ගෙවල් තුළ කොටුවී සිටීම නිසා ඉරු එළියට නිරාවරණය නොවීමෙන් නොමිලේ ලැබෙන විටමින් D ප්රමාණයද නොලැබී යයි. නිසා ඔබ උදෑසන ඉරු එළියට මිනිත්තු 20ක් පමණ නිරාවරණය වීමට වග බලා ගන්න.

මේ හැර ප්රෝබයෝටික් අඩංගු ආහාර ප්රතිශක්තිය කෙරෙහි යම් බලපෑමක් ඇති කරන බව දැක්වේ. මිදුණු කිරි හා යෝගට් එවැනි ආහාර වේ. කෙසේ හෝ ඔබට ලැබී ඇති සම්පත් නිසි පරිදි කල්පනාකාරීව යොදාගෙන මනා පෝෂණයක් පවුලේ සැමට ලබා දීමට ක්රියා කිරීම ගෘහිනියන් සතු වගකීමක් වේ.

 2. ව්යායාමය

 ක්රමානුකුල ව්යායාමය ප්රතිශක්තිය දියුණු කරයි. එසේ නොකිරීමෙන් බෝවන රෝග වලට ගොදුරු වීමේ ප්රවනතාවය වැඩිවේ. ළමුන් පාසල් වසා තැබීම නිසා අක්රිය වී තිබේ. පාසල් පැවැත්වුව වසංගතය හමුවේ සමූහ ක්රියාකාරකම් වල යෙදවීමට නොහැකිවේ. ශ්රී ලංකික වැඩිහිටි කාන්තාවන් කොහොමටත් ව්යායාමයට මැලිය . ගෘහස්ත වැඩවල යෙදීමෙන් තෙහෙට්ටුව මිස නිසි පරිදි ව්යායාමය නොලැබේ. එබැවින් ඔබ ගෙවත්තේ වැඩෙහි යෙදෙන අතරම ඇවිදීම වැනි ක්රමානුකුල ව්යායාමයක යෙදෙන්නට ද වග බලා ගන්න. එය බෝනොවන දියවැඩියාව  වැනි රෝග පාලනයටත් හෘදයේ යහපත් පැවැත්මටත් වැදගත් වේ. ව්යායාමය මානසික එකග්රතාවයට වැදගත් වේ.

 3. මානසික ආතතිය

 මිනිසා සමාජීය සත්වයෙක් වන අතර ප්රජා සම්බන්ධතා නැතිව නිවෙස් තුලට කොටු වීම නිසාම මානසික ආතතිය ඇති වීමට ඉඩ තිබේ. එමෙන්ම වසංගතය නිසා හටගත් බියද එයට හේතු විය හැකිය. තමා හෝ තම සමීපතමයන් රෝගී වෙතැයි බිය වීම සාධාරණය. ආතතියෙන් මිදීමට ඔබට ගැළපෙන විවිධ කාර්යන්හි යෙදීමට වග බලා ගන්න. කාන්තාවන්ට නම් මැහුම් ගෙතුම්, කෑම වර්ග සෑදීම , මල් වැවීම ආදියට යොමු විය හැකියසියල්ලන්ටම පොදුවේ ගෙවතු වගාවපොත පත කියවීම, ලිවීම, ක්රීඩා වල යෙදීම මෙන්ම පවුලේ සාකච්ඡා ආදියටද යොමු විය හැකිය. සංගීතයට ප්රිය කරයි නම්  රාත්රී නින්දට පෙර සංගීත සැන්දෑවක්  පැවැත්විය හැකිය. වෙන වෙනම දුරකථන හෝ රුපවාහිනී තිරවලටම යොමු නොවී පවුලේ පිරිස එකතුවී කාලය ගත කිරීමට හැකි මීට වඩා සුදුසු වකවානුවක් ඔබට තවත් නොලැබෙනු ඇත. නිසා මානසික ආතතියෙන් මිදීමට කිසියම් හෝ පලදායි කාර්යක නිරත වන්න.

 

මේ සියල්ල මෙන්ම ඔබ නිතරම DREAM අමතක කරන්න එපා

D - දුරස්ථ භාවය (Distancing)

R E - කැස්ස ,කිවිසුම එන විට එය පිටට නොයන ලෙස වැලමිට හෝ  ඉවත දමන අත්පිස්නාවක් භාවිතය මගින් වලක්වා ගැනීම (Respiratory Etiquette )

A - අත් සේදීම හෝ හෑන්ඩ් සැනිටයිසර් භාවිතය (Aseptic Technique )

M - මුහුණු ආවරණයක් පැළඳීම (නිවසින් පිටට යන විට )(Mask)

Mask නිසි පරිදි බැහැර කිරීමටත් කාරුණික වන්න. බැහැර කිරීමට පෙර ඒවායේ පටි කපා දමන්න. සතුන් ඒවායේ පැටලී කරදරයට පත්වීමට ඉඩ තිබේ. 

Photo by Adam Nieścioruk on Unsplash 

2 comments: