Saturday, June 26, 2021

මුහුණු අතගෑම

 




 








මුහුණු අතගෑම

මිනිස්සු මුහුණ අත ගාති. මේ කියන්නේ තමන්ගේ මුහුණ ගැනය. අනුන්ගේ මුහුණු අතගෑමට ගොස් මිරිවැඩි පහරක ස්පර්ශයෙන් කුල්මත් වූ අයත් ඉන්නට පුළුවන.  COVID ගැන උපදෙස් දෙමින්ම වීඩියෝ වල මුහුණ අත ගාමින් කතා කරන වෛද්යවරු පවා වෙති.

මිනිසුන් විසින් තම මුහුණ අතගෑමේ පුරුද්ද ගැන විද්යාඥයෝ පරීක්ෂණ කරති. අනුව කාර්යාල සේවකයෝ සෑම පැයකට 16 වරක් මුහුණ අතගාති. ඕස්ට්රේලියාවේ වෛද් ශිෂ්යයෝ පැයට 23 වරක් මුහුණ අතගාති. මේ අතගෑම් වලින් වැඩි හරියක්, නාසය, මුඛය හා ඇස් වන අතර වැඩිපුරම වයිරස,බැක්ටීරියා වැනි රෝග කාරක දේහ ගත වන ප්රධාන මාර්ග ඒවා වේ. මෙහි නරක පැත්ත හොඳින් දන්නා වෛද් වෘත්තිකයෝ පවා සිය දෑත් වල සෞඛ්යාරක්ෂක බව ගැන නොසිතාම පැය 2කකට 19 වරක් මුහුණ අතගාති. නිතර හිස කෙස් සකස් කිරීම හා ඊළඟට මුහුණ අතගෑම ජනතාව අතර ප්රචලිත තවත් පුරුද්දකි. ඇතැම් කෙනෙකු සමග කතා කරන විට, දුරකථනයෙන් කතා කරන විටද මේ අතගෑම් නොදැනුවත්වම සිදුවේ.  කාර්යාලයක දී පෙම්වතා සමග දුරකතනයෙන් කතා කළ යුවතියක් එහි වයරය සපා කෑ බවට කතාවක් ඇත, ජංගමය නැති කාලයේ . මේ හැසිරීම් වලට හේතුව මානසික වියවුලක් බව වෛද් මතයයි.

මුහුණ අතගෑම ගැන විවිධ පැහැදිළි කිරීම් ඇත.

·        අප මව්කුස තුළ සිටිද්දී නිතරම මුහුණ අතගෑමට කැමති බවත් එය සෞඛ් සම්පන්න වර්ධනයක ලක්ෂණයක් බවත් වෛද් විද්යාත්මක මතයයි.  මුහුණේ සංවේදී ස්නායු වර්ධනය වී ඇති බව එයින් කියවෙන බව සඳහන් .

·        ඇතැම් විට මුහුණ අතගෑම ප්රතීක ක්රියාවකි. කැසීමක් වැනි සංවේදනයක් ඇතිවී අපට මුහුණ අතගෑමට පොළඹවයි.

·        එමෙන්ම නියපොතු සැපීම මෙන් මුහුණ අතගෑම පුරුද්දට යන දෙයකි. ටික දවසක් කරන විට මොළයේ කොටසක එය ගබඩාවී දිගටම පුරුද්ද ගෙන යයි.

·        මුහුණ අතගෑම සන්නිවේදන ක්රමයක් වේ. අපි බියට පත් වූ විට පුදුමයට පත් වූ විට ඉබේම අත් මුහුණ වෙත යයි. අපි කල්පනාවේ නිමග්න විට, යමක් අසා සිටින විට නිකටේ අත තබා ගනිමු. 

·        අපේ අතැඟිලි වල මෙන්ම මුහුණේ සම සිනිදුය. ස්නායු තුඩු බහුලය. නිසා ස්පර්ශයෙන් ලැබෙන සංවේදනයෙන් සතුටක් ලැබීමටත් අපි මුහුණ අත  ගාමු .

 

ඒත් දැන් අපට මුහුණ අතගාන්න බැරි තත්වයක් ඇති වී තිබේ. COVID නිසාය.  මා පාසලේ උගන්වන කාලයේ ඇස පිස දැමීමට අවශ් වූවොත් පිටි අත්ල පාවිච්චි කිරීමට පුරුදුව සිටියෙමි. විද්යාගාරයේ ද්රව් සමග හෝ  පන්තියේ  චෝක් සහිත අත් ඇතිව සිටි නිසාය. පසුව බස් රථයෙන් කොහේ හෝ ගියොත් ගෙදර පැමිණි විගස සබන් යොදා අත් සේදීමට පුරුදු වීමි.   මේ පුරුදු වලට මා ලද ක්ෂුද් ජීව විද්යා දැනුම නිතරම මා පිටුපස සෙවනැල්ලක් මෙන් තිබෙන බව කියන්නේ ගැන මනා අවබෝධයක් මට ලබා දීමට තම දැනුම නොඅඩුව ලබා දුන් කොළඹ විශ්ව විද්යාලයේ කුමාරස්වාමි මහාචාර්ය තුමිය   ආදරයෙන් සිහිපත් කරමිනි.  ඉගෙනීමට ඉගැන්වූ  (Learning to learn) දැනුම මගේ වෘත්තිය ජීවිතයේ  දී ද එදිනෙදා ජීවිතයේදී දරුවන් හදා වඩා ගැනීමේදී ද එකසේ ප්රයෝජනවත් විය. එසේ වුවත් මට ගෙදරදී ද පිට තැන්වල දී ද  (පිරිසිදු අත් ඇති විට)  මුහුණ, ඇස්, තොල්  ඇල්ලීම සිදුවේ.  ජන්මය වෙනස් කරන්න බැරි දෙයකි.

 

මම පෙර කී පරිදි පරිස්සම් වූයේ COVID  තිබුණ නිසා නොවේ. යම් යම් රෝග තත්වයන් අප කරා ඒම මගින් වළක්වා ලන හෙයිනි. දැන් මම පිටතදී කෙසේවත් මුහුණ ස්පර්ශ නොකරමි.  එමෙන්ම මුහුණු ආවරණ පැළඳ සිටින අය හමු වෙන හැම විටම වාගේ ඔවුන් නිරීක්ෂණය කරමි. බොහෝ දෙන මුහුණු ආවරණය අතින් හදති. ඇස් කසති. මුවේ ඇඟිලි රුවති. කන් කසති. ඉතින් COVID බෝවීම අහන්නත්  දෙයක් නොවේ.  පුරුදු අත අරින්න  අමාරුය.  අමාරුවෙන් හෝ මේ දිනවල මුහුණු අතගෑමේ පුරුද්දෙන් මිදෙන්න බලමු. 


Sunday, June 20, 2021

බලාපොරොත්තුව

 









බලාපොරොත්තුව


මේ බක් මහ අග වෙද්දී

හිත හරිම චංචලයි.

ඔබ ගිහින් හරියටම,

වසර දෙකකට ලඟයි.

දොරකොඩ රඹුටන් ගහේ,

මල් කිණිති පිරී තිබුණා,

පිණි කැට බදන් පහුගිය දොහේ,

දැන් පුංචි පුංචි ගෙඩි

ගහ යට ගොඩ ගැහෙයි.

අතු ගා දමන්නත් සිත් නොදෙයි.

ඇහැළ  මාසේ වෙද්දී,

රතු පාට ගෙඩි එක දෙක මතු වෙයි

ගිය ඇහැළ මහේදීත්

ඔබ හිටියෙ නැති බව ඇත්තයි!

රඹුටන් කෑවෙ මං තනියමයි.

ඒ සොඳුරු කාලය

දැන් හුඟක් මට දුරයි

ඒ වුණත් බලාපොරොත්තුවේ

කණ මැදිරි එළියක්

කළුවර අහසේ මට පෙනෙයි!

 

 


Sunday, June 13, 2021

මගේ කතාව












මගේ කතාව

 

මම කැස්බෑ රාල කෙනෙක්. මං උරග වර්ගයට අයිති කෙනෙක්. මගේ ආරම්භය මීට අවුරුදු මිලියන 150 කට ඉස්සර ජුරාසික යුගය තරම් ඈතට දිව යනවා. මට ගොඩබිම ජීවත් වෙන්න ඕන ලක්ෂණ පරිණාමයෙන්  ලැබුණත් මා අතීතේදී කල්පනා කළා මට සාගරයම තමයි සුරක්ෂිත තැන කියල. ඉතින් මං ඕගොල්ලන්ට කරදරයක් නොවෙන්න සගරයටම වෙලා මගේ පාඩුවේ ඉන්නවා. මගේ ආහාර , වාසස්ථාන හා සහකරුවන් සමග එක්වීම මේ හැම දේම වෙන්නේ මේ සාගර යහනේ.  හැබැයි මට එක දෙයක් වෙනස් කර ගන්න බැරි වෙනවා. තමයි මගේ පරම්පරාව බෝ කරන්න බිත්තර ටික දාල යන්න මට කලින් ආව වෙරලටම එන්න වෙනවා. මම දාන්නේ අනික් උරගයන් වගේ කටු සහිත බිත්තර. ඒවා සාගරයේ දැම්මොත් විනාශ වෙනවා. මොකද මං උරගයෙක්. මට තියෙන්නේ ගොඩ බිමට අනුවර්තිත බිත්තර. ඒවා දාන්න මං ගොඩ බිමට එන්නෙත් ඔයාලට කරදරයක් නොවෙන්න, රෑ කාලයේ. ඒත් මං දන්නවා ඔයාල මං බිත්තර ටික වැලි වලින් වහල ගියාට පස්සේ ඒවා අරගෙන කන බව.  ඒක ඔයාලම නීති දාල තහනම් කළා.  සමහරු මගේ දරු පැටව් ආරක්ෂා කරලා ආයේ සාගර යහනට එවනවා කියලත් මං දන්නවා. අපේ එක්කෙනක් වුණු ලෙලි කැස්බෑව එයාගේ කටුව ගන්නත් මැරුව. කැස්බෑ ලෙළි වලින් විසිතුරු බඩු හැදුවලු. එහෙම දේවල් වලින් ඔයාලට ඇති වැඩේ මොකක් කියල මට නම් තේරෙන්නේ. නැහැ. දැන් වැඩ තහනම්. 

අපි විශේෂ 8ක් මේ ලෝකේ ඉන්නවා, බලන්න එයින් පහක්ම මේ ඔයාලගේ මුහුදේ ඉන්නවා.  දැන් ඉතින් මං හුස්ම ගන්නේ නැහැ. මං තවත් මේ ලෝකේ නැහැ. මගේ අම්මල, තාත්තල, අක්කල අය්යල , දුවල, පුතාල කී දෙනෙකුට මේ වින්නැහිය වෙලාද දන්නේ නැහැ. මේ අර ගිනි ගත්ත නැවක් නිසා වෙච්ච දෙයක්.  මේ සාගර යහනේ ජීවත් වුනු තව කොච්චර ජීවිත මේ විදියට ඉවර වෙලා දන්නේ නැහැ දැනටමත්.  කොහොමත් අපට හුඟක් තර්ජන තිබුණ. අපි සමහර වෙලාවට ජෙලි මාළු කියල රැවටිලා ඔයාල මුහුදට දාපු පොලිතින් බෑග් කෑව. කොච්චර තහනම් වුණත් ඔයාල අපි මැරුවා, මස් කෑවා, බිත්තර කෑවා.  දැන් ඉතින් අපි නැත්තටම නැති වෙන්න යන්නේ. මැමත්, ඩෝඩෝ වගේ අයට නැති වෙන්න වුණේ ඔයාල නිසා. දැන් ඔයාලගේ කැලෑ වල ඉන්න අලින්ට වෙන්නෙත් ඒකම තමයි. ඉතින් ආයුබෝවන් ! මම යනවා.


Wednesday, June 9, 2021

දහස පැනයන දවස ළංවෙන

 









දහස පැනයන දවස ළංවෙන

 


හුස්ම මේ තරම් විස්මයක් බව

උස්ම තැන හුස්මේ තිබෙන බව 

ප්‍රස්න නැතුවම ගැස්ම හද තුල 

රස්නෙ බිඳදා නස්න හැටි බල


අහස කළුවෙන දවස නිමවෙන 

වයස වැඩිවෙන පිරිස නික්මෙන      

දෙඇස තෙත්වෙන සිරස පිපිරෙන  

මනස රිදවන වෙහෙස ගෙනදෙන 


අහස වහගෙන දවස ගානෙම 

පිවිස දුම් රොටු රහස එළිවෙන  

පහස ඉල්ලන  පවස නැත නිම  

දහස පැනයන දවස ළංවෙන

 

නැඟෙන කෙඳිරිලි ඇසෙන කන් නැත

මියෙන තරමට  ඇඬෙනු  බැරි වෙත 

රිදෙන අය වෙත දැනෙන අය නැත 

කෙරෙන පිළිවෙත දැවෙන හදවත 







 

 


Monday, June 7, 2021

වෙන්වූ හිතවත!

 






වෙන්වූ හිතවත!

 

චිරි චිරි චිරි චිචිරි චිචිරි

බිංදු බිංදු එක දිගටම

උදේ ඉඳන් රෑ වෙනකම්

රැයේ ඉඳන් එළි වෙනකම්;

 

සීතලේට ගුලි වීලා,

පොරවාගෙන තනියම මං, 

ඔයා ඉන්න දීපෙත්,

වහිනව ඇති මයෙ හිතෙ දැන් ,

 

ඉස්සර හැම දේම වුණේ

අපිට ඕන විදියටනේ ?

යටගිය දවස කතා

මතකද මන්දා ඔයාට?

 

වුණාට එහෙම වෙන්න

විදියක් නම් නැතුවැති දැන්

ලෝක දෙකක වෙන දේවල්

වෙනස් වෙන්න ඕන නේද ?

 

රන් හිරු රැස් පෙර අඹරින්,

පායා එන උදෑසනක,

ඔයා  එයැයි අත අල්ලන්,

පාර දිගේ යනවත් ඇති!

 

කවදා හරි මගේ ලොවට,

හිරු එළියක් පායනකම්,

ගුලිවී මේ අඳුරු සළුවෙ,

මෙහෙම ඔහෙ  ඉන්නම් මං!