Friday, February 12, 2021

ඒ සීනු නාදය

 














ඒ සීනු නාදය

 

නූතන පරපුර නොහඳුනන,

ඒ සීනු නාදය,

වැඩිකළා හද ගැස්ම,

දකිනු රිසියෙන් ඒ මුතු අකුරු,

මග බලා සිටියා නිරතුරු ,

ඈත වංගු පාරේ දුර සිට,

එනවිට ඒ පා පැදිය ,

හිත වංගු දහසක්  හැරි හැරී ,

මහා දිග ගමනක් ගිය හැටි,

ඔබට මතක ද?

අදටත් ඒ සීනු හඬ ,

වැඩි වෙනසක් නොමැති වූව ද,

ටිකක් විතරක් වැඩි කළත්

හද ගැස්ම , නැවුම් කිතියක්

දැනෙන්නේ නැතිවම වුව ද ,

ඒ බලාපොරොත්තුවේ පාපැදිය,

පුරුද්දකට වගේ ගෙනෙයි,

කියාගන්න බැරි හැඟීමක්,

මේ පාළු තනිකඩ හිතට ,

ඒත් අද ඒ පා පැදිය මට,

කිසිත් ඉඟියක් නොකරම,

කඩුල්ල ළඟ නවතින්නේ නැතිවම,

යනවා දකින විට වංගු පාරේ දුරට ,

කඳුලක් හොර රහසේම

නැඟෙන්නේ ඇයි තාම දෙනෙතට ?

ඒ සීනු හඬ ගැන නිනව්වක්,

නැතිව ඇති නේද දැන් ඔබට?

නිතර නැගෙන කිචි බිචිය මැද ,

සොඳුරු කුරුළු කැදැල්ලක. 


( Thanks to Mak fpr the photo on Unsplash)

No comments:

Post a Comment