ඒ සීනු නාදය
නූතන
පරපුර නොහඳුනන,
ඒ සීනු නාදය,
වැඩිකළා
හද ගැස්ම,
දකිනු
රිසියෙන් ඒ මුතු අකුරු,
මග බලා සිටියා නිරතුරු
,
ඈත වංගු පාරේ දුර
සිට,
එනවිට
ඒ පා පැදිය ,
හිත
වංගු දහසක් හැරි
හැරී ,
මහා
දිග ගමනක් ගිය හැටි,
ඔබට
මතක ද?
අදටත්
ඒ සීනු හඬ ,
වැඩි
වෙනසක් නොමැති වූව ද,
ටිකක්
විතරක් වැඩි කළත්
හද ගැස්ම , නැවුම් කිතියක්
දැනෙන්නේ
නැතිවම වුව ද ,
ඒ බලාපොරොත්තුවේ පාපැදිය,
පුරුද්දකට
වගේ ගෙනෙයි,
කියාගන්න බැරි
හැඟීමක්,
මේ පාළු තනිකඩ හිතට
,
ඒත්
අද ඒ පා පැදිය
මට,
කිසිත්
ඉඟියක් නොකරම,
කඩුල්ල
ළඟ නවතින්නේ නැතිවම,
යනවා
දකින විට වංගු පාරේ
දුරට ,
කඳුලක්
හොර රහසේම
නැඟෙන්නේ
ඇයි තාම දෙනෙතට ?
ඒ සීනු හඬ ගැන
නිනව්වක්,
නැතිව
ඇති නේද දැන් ඔබට?
නිතර
නැගෙන කිචි බිචිය මැද
,
සොඳුරු කුරුළු කැදැල්ලක.
( Thanks to Mak fpr the photo on Unsplash)
No comments:
Post a Comment