Wednesday, February 10, 2021

එක්වීම

 










එක්වීම

 

 කුමරුවන් මිලියන  සිය ගාණක්

ආගන්තුක පරිසරයක

ඒත් කදිමට සුසර වුණු

ලස්සනට ගැලපුණු තැනක්

වලිග ගස්සා , ඔළුව උස්සා

පෙරටම ඔව් පෙරටම.....

විසල් ගේට්ටුවක්ද පසුකරන්  

ගමනේ යා;  කොහෙටද?  

කොහෙද ගමනාන්තය ?

ඒත් මේ තාවකාලික නැවතුම් පොළ

හැමෝටම නොගැලපෙයි.

සමහරු තැලෙති ,සමහරු පොඩි වෙති.

සමහරු කැඩෙති, අවසන මියෙති.

ටික දෙනෙක් ඉතිරි වෙති.

ඉන් ඔබ්බෙහි යහන්ගැබෙන්

නැඟී අවදිව පෙරදින

පැලෝපීය නාලයේ ඉහළ  සිට

පහළට බැස එන කුමරිය

පිළිගන්න මේ කුමරුවන් සැරසෙති.

කුමරියගේ  කොරෝනා සළුපිලි,

පෑදි කලාප යටගවුම්;

 ලිහිල් කරගන්න ඔවුන'තර  මහ පොරයකි.

ෆස්ට් කම් ෆස්ට් කම් ෆස්ට් සර්ව්

කුමරියට නැත වගේ වගක්,

එක්කෙනයි කවුරුහරි,

ගෙවල් දොරවල්, යාන වාහන

හොඳ රස්සාවක්, මිළ මුදල්

ඕන නැත කිසිදෙයක් ,

මෙහි බින්න බැසිය හැක.

තිබේ සුව පහසුවට

මාසම දහයකට.

එක්කෙනක් කවුරුහරි

දැන් ඉතින් ඇතුල්වේ.

ඔහු වැළඳ ගත් කුමරි

දොර අගුල් වසා ලයි.

අනික් හැම දෙනාටම

පරාජය නියත වෙයි.

(Thanks to Deon Black for the image on Unsplash)


No comments:

Post a Comment