මා ලියු මගෙ කවිය
අකුරෙන්
අකුර ගලපමි,එක පදයක් ලියමි,
කුස්සියේ
වැඩ කරමි,කවි පදයක්
මවමි,
කාමරයට
දුවමි, එය කවියට අමුණමි.
නැවත කවි පද ගයමි,නොගැලපෙතැයි කපමි,
රොස්
ගඳක් දැනෙනවා, කුස්සියට දුවනවා,
ලිප
හනික නිවනවා, කවි සිතත් දුවනවා.
දැන්
කවි පද නොඑයි, සිත
එක තැන නොවෙයි,
රෑ නින්ද ඈතකයි
,නැවත කවි පද උනයි.
පහන් දල්වන
සැණින්, පත් ඉරුව ඉඟි මරයි,
පන්හිඳද පැත්තකින්
කට කොනින් සිනාසෙයි.
ලියපු කවි පද
කැපෙයි, අලුත් ඒවා ඇඳෙයි,
දින ගණන් සති
ගණන් කවියෙ කළලය වැඩෙයි.
කළල රුපයේ රුව
ටිකෙන් ටික හැඩ ගැහෙයි,
ඒ පුංචි කවි
කැකුළ ඔන්න මේ ලොව දකියි.
මේ තරම් වෙහෙස
වුණු , මේ තරම් දුක දුන්නු,
කවිය කියවන්න
නම් කවුරුවත් නැති හැඩයි.
වචනයෙන් වචනයට මගේ සිත පිරිමදින,
මා ලියු මගෙ කවිය මම ම කියවමි ඉතින!
(Thanks to Kinga Cichewicz for the image on Unsplash)
No comments:
Post a Comment