Friday, February 26, 2021

හිසරදය

 












හිසරදය 


දැන් කොහොමද ඔයාට ?

තාම ඔළුව රිදෙනවද ?

දැන් දැන් අහවි කියල 

මංබලාගෙන හිටියා,  



ඒත් ඒ සොඳුරු බලාපොරොත්තුව 

බිඳලා සුනුවිසුණු  කරලා 

ඔබ මගෙන් සමුගෙන 

වෙන්වෙලා නොපෙනී ගියා, 



දුරකතනයෙන් අද 

කෑවද ? බිව්වද? දොය්ය ගත්තද ?

අහන එකත් වදයක් වුණාට 

ඒ කාලෙ කොයි දුරකථන?



ඇත්තටම එහෙම ඇහුව නම් ඔබ 

සේරම රිදිලි හොඳ වෙන්න

හිනා මල් විකසිත වෙන්න  

ඕන තරම් ඉඩකඩ  තිබුණා .



ඒත් ඒ වෙලාවේ මගෙ ඔළුව 

හත්කඩකට  පුපුරන්න තරම් 

රිදුම් දුන්නා, ඒත් මොනව කරන්නද ? 

මම කොට්ටය බදාගෙන 

අඬ අඬා හිටියා. 

©2021maliniganewatta

(Thanks to Luis Galvez for the photo on Unsplash)

No comments:

Post a Comment