ඒ
ටිකිරි සිනා
හඬ.....
ඒ ටිකිරි සිනා
හඬ පාවී ගිහින්
සත්සමුදුරින්
එතෙරට
හරියටම
වසරක් අදට
කාලයේ
පියසැරිය පුදුමයි!
කාලයේ
විහඟුන්ට
තටු
මැව්වේ කවුද
?
මේ තරම් වේගයෙන් පියඹන්න;
ඒකත්
වෙලාවකට කදිමයි!
ඈත දුරු රටක සිට
තිරයක්
මැදින් මතුවී ,
"ආච්චි
අම්මා! ආච්චි අම්මා! "
" ආච්චි
අම්මා කිව්ව විදියට
මං මේන් ඇන්දා ,
මං මේන් මැහුවා ,
මං මේන් ගෙතුවා "
එකම
එක පොරයයි.
සිනිඳු
රෝසපෙති කම්මුල් වල
උණුසුම
දැනී මොහොතකට
ආයෙත්
හැමදේම හිස්ව යයි.
හිතට
සංකාවක් ද, හීනියට මතු
වෙයි.
ඒත්
එක්කම බිත්තිවල
ඔබ ඇන්ද සිතුවම් සිනාසෙයි,
මකන්නට
සිතක් නැතිව
තවම
සිත කල්මරයි.
©2021 maliniganewatta

No comments:
Post a Comment