අද මාර්තු 8 කාන්තා දිනය වෙනුවෙනි.......
රතැ'ඟිලි
උඩරට
කඳුකර සිරියා පරදවමින,
රතැ'ඟිලි දිගුකොට තේ
දළු නෙලනවලු නුඹ,
ඒත්
ඒ කඩිසර අතැ'ඟිලි අග
නම් හැමදාම,
තිබුණේ
තේ දළු කහට විතරමය.
රතැ'ඟිලි සිදුරු කරගෙන
යන,
ඉඳිකටු
තුඩු වේදනා ගෙන දෙන,
හොඳක්
කිසිදා නැති වැරදි විතරක්ම
අසන,
මහන
ළඳුනගෙ කඳුළු මුතු වන.
සත්
සමුදුරින් එතෙර පැනගෙන,
ණය බර රැහැනින්
රැහැ මුදාගෙන,
අනුන්ගේ
කුණු පිසින සෝදන;
කවුරුන්
තවනවාද ඒ රතැඟිලි රිදෙන?
රතැඟිලි
මුළු දැයක සවිය වන,
මහ මෙර මෙන් මහ
බර උසුලන,
දිනක්
නොව කල්පයක් වෙන්වුවද;
නුඹ
දිරිය නම් සම කළ
නොහෙන.
©2021 maliniganewatta

No comments:
Post a Comment