Monday, March 15, 2021

පළ නොවූ පුස්තකය

 












පළ නොවූ පුස්තකය

 

සැම ගැහැණු හදවතකම බරව

විසල් පුස්තකයකි නොපළවුණ,

පළ කරන්නට බැරි

ඇතැම් පිටු ඇත එහි

කඳුළින්ම ලියැවුණ.

 

වචනයට නගන්නට වචන නැතිව,

ශෝකී තනුවක් පමණක් වන

කවුරුවත්ම නොකියවන,

කවුරුවත්ම කන් නොදෙන;

 

 

කියෙව්වත් අරුත් නොම දැන,

සවන් දුන්නත් නෑසූ කන් ඇතිවන,

කාටවත්ම නොතේරෙන

තේරුණත් බව සඟවන

 

පුස්තක කඳු පිටින්;

සමගම වැළලී යන,

තිබුණි නම් මේ බිම,

වැසී යනු ඇත ඉඳි කටුවකට වත්,

පොඩි ඉඩක්වත් නැතුවම.

©2021 maliniganewatta


( Photo by Claudia Wolff on Unsplash)

No comments:

Post a Comment