Monday, March 15, 2021

පළ නොවූ පුස්තකය

 












පළ නොවූ පුස්තකය

 

සැම ගැහැණු හදවතකම බරව

විසල් පුස්තකයකි නොපළවුණ,

පළ කරන්නට ද බැරි

ඇතැම් පිටු ඇත එහි

කඳුළින්ම ලියැවුණ.

 

වචනයට නගන්නට වචන නැතිව,

ශෝකී තනුවක් පමණක් ම වන

කවුරුවත්ම නොකියවන,

කවුරුවත්ම කන් නොදෙන;

 

 

කියෙව්වත් අරුත් නොම දැන,

සවන් දුන්නත් නෑසූ කන් ඇතිවන,

කාටවත්ම නොතේරෙන

තේරුණත් ඒ බව සඟවන

 

ඒ පුස්තක කඳු පිටින්;

ඈ සමගම වැළලී යන,

තිබුණි නම් මේ බිම,

වැසී යනු ඇත ඉඳි කටුවකට වත්,

පොඩි ඉඩක්වත් නැතුවම.

©2021 maliniganewatta


( Photo by Claudia Wolff on Unsplash)

No comments:

Post a Comment