වැස්ස
වැස්ස
නැතිවී කලක් යනකොට පොළෝ
ගැබ රත්කර
වැස්ස
කවදා ඒවිදැයි කුනු කුනුව කන් රත්කර
වැස්ස
වස්සන දෙවියො ඉදිරියෙ කියා වග විස්තර
වැස්ස
ඉල්ලා යදිනවලු මේ කියන්නේ පත්තර
වැස්ස
එනකම් බලන් ඉන්නව බෙල්ල
දික් කර කර
වැස්ස පොළොවට පහත් වෙන්නේ අකුණු සැර රැස් කර
වැස්ස
සිඹ ගෙන පොළොව කියනව
පෙම් වදන් රස කර
වැස්ස
තව තව වැටෙනවා ඔහේ
අහස්ගැබ හිස්
කර
වැස්ස
හින්දා නිවී ගියමුත් පැලේ
ළිප ගින්දර
වැස්ස
වග කියනව ද නැග එයි
කුසේ කුස ගින්දර
වැස්ස
නිමවන පාටකුත් නැහැ කියූවත් අන්දර
වැස්ස
පායා වරෙන් නිවනට දරු කුසේ ගින්දර
වැස්ස තව වැස්සොතින් ගඟ උකුලතත් පුරවා වතුර රැස්කර
වැස්ස සතුරෙක්
වෙන්න යන්නේ වැඩි වෙලා නොව එකයි තත්පර
වැස්ස දැන්
නම් හොඳටෝම ඇති කඩා දැමුවේ ඇයිද ගං දොර
වැස්ස අකුලා
ගනින් හනිකට අහස දෙන්නට යන්නෙ උත්තර
No comments:
Post a Comment