Wednesday, February 3, 2021

නිදහස

 









නිදහස

 

නිදහස නම් කිම ?

ශබ්ද කෝෂයට අනුව නාමපදයකි එය,

තේරුම නම් පහත පරිදිය;

නිදහසයි අපට ඇති බලයේ අයිතිය

කුමක් සඳහා ?

කතා කිරීමට,සිතීමට හා ක්රියා කිරීමට ,

අපට අවැසි විදියට ,

ඉතින් අපි කෙසේ ක්රියා කරමුද අයිතිය අනුව?

ඔවුන්ම ලියන විට අයන්නේ සිට තිර පිටපත,

කතා වස්තුව සකස් කොට,

ඔවුන්ම කැමති පරිදි රඟදෙන විට,

අපට නරඹන්නට……

එහෙනම් අපි කතා කරමුද?

අපේ හිතේ ඇති දේ කියන්න,

බැහැ, අපේ මුව මත ,

අදිසි පැලැස්තරයක් අලවා ඇත.

එහෙමනම් අපිට පුළුවන් නේද හිතන්න,

අපට ඕනෑ විදියට,

ඔව්, අපි සිතමු, සිතමු, නොනැවතී සිතමු,

ඒත් අපේ සිතුවිලි රැහැන් පාවී පාවී යයි

අනන්ත අහස්  තලයේ ඈතට,ඈතට ,

සිතුවිලිවලට අරුතක් නැත දෙන්නට,

ශබ්ද කෝෂය තව දුරටත් කියයි මෙහෙම,

නිදහස යනු තත්වයකි සිරගත නොවී

වහල් බැම්මෙන් මිදී ජීවත් වීමට,

නමුත්, අපි සිටිමු සදහටම සිරගතව,

වහලුන් විදියටම, විලංගු හා යදම් සහිතව,

කවදාවත් නොඑන නිදහස අපට,

හැමදාමත් නොමදව ඇත ඔවුන්හට. 

කුමටද සබඳ?

නොමිනිසුන් ලෙස හැම නොපනත්කමක්ම

සිත් ලෙස කරන්නට.

(Thanks to Saad Chaudhry for the image on Unsplash)


No comments:

Post a Comment